Beijing Foreign Studies University

භාෂා පරිවර්තන උපාධි පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන උපාධි පීඨය වසර1994ආරම්භ විය.වසර1979ස්ථාපිත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිවර්තක පුහුණු පන්තිය එයට පුරෝගාමී විය.එම පන්තිය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් වෘත්තීය පරිවර්තකයන්700දෙනෙක් පෝෂණය කර තිබිණ.බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන උපාධි පීඨය පරිවර්තක ප්‍රවීණයන් බිහි කිරීමේදී විශ්ව කීර්තියක් ලද පීඨයකි.එය එ.ජා.සංවිධානය ඇතුළු බොහෝ ජගත් සංවිධාන සමග සමීප සම්බන්ධතාවක් පවත්වයි.මෙම පීඨය එ.ජා.සංවිධානයේ චීන භාෂා පරිවර්තකයන්ගේ නිපුණතා විභාගය පිළිබඳ සංවිධාන කටයුතු සිදු කරයි.හොංකොං විශේෂ පරිපාලන කලාපය,මැකව් විශේෂ පරිපාලන කලාපය,සිංගප්පූරුව,ලෝක වෙළෙඳ සංවිධානයේ චීන ව්‍යාපෘති,චීන කෘෂිකර්ම බැංකුව,චීන ඛනිජ තෙල් පිළිබඳ පොදු සමාගම,ගුවං ෂී චුවාන් ජාතික ස්වායත්ත රජය යනාදිය වෙනුවෙන් ජ්‍යේෂ්ඨ පරිවර්තකයන්ගේ පුහුණු පන්ති සහ වැඩමුළු ද මෙහෙයවයි.

වර්තමානයේ භාෂා පරිවර්තන උපාධිපීඨයේආචාර්ය මණ්ඩලයට වෘත්තීය ගුරුවරුන්22දෙනෙකු,අර්ධකාලීන විශ්ව විද්‍යාල මහචාර්යවරුන් තිදෙනෙක් සහ බාහිර ආරාධිත මහචාර්යවරුන් දෙදෙනෙකු ද අයත්ය.එ.ජා.මූළස්ථාන,යුනෙස්කෝ සංවිධානය,ජාත්‍යන්තර කම්කරු සංවිධාන‍ය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ආයතනවල පරිවර්තන සේවයේ නියුක්ත වූ භාෂා ප්‍රවීණයෝ මෙමපීඨයේවෘත්තීය ගුරුවරුන් ලෙස පත් වෙති.විවිධ ජගත් සමුළු සහ සම්මේලනවල පරිවර්තකයන් ලෙස කටයුතු කළ ඔවුහු භාෂා පරිවර්තනය පිළිබඳ බහුලීකෘත හස්තතාවෙන් යුත් ගුරුවරුන් ලෙස සැලකේ.

භාෂා පරිවර්තන උපාධි පීඨය වාර්ෂිකව පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් බඳවා ගනී.ඉංග්‍රීසි–චීන භාෂා සමගාමී පරිවර්තනය,බහුභාෂා සමගාමී පරිවර්තනය,පරිවර්තනය පිළිබඳ පශ්චාත් උපාධිය මෙහි විෂයන්ය.පරිවර්තන පර්යේෂණය සහ භාෂා අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් ද බඳවා ගැනේ.වර්තමානයේ විදේශ සිසුන් ද ඇතුලත්ව සමස්ත සිසුන්ගේ සංඛ්‍යාව220කි.ජාත්‍යන්තර සංවිධානවල සහ වෘත්තීය පරිවර්තන ආයතනවල ආධුනික රැකියා අවස්ථා සිසු සිසුවියන්ට සලසා දෙනු ලැබේ.චීනයේ ජාතික අමාත්‍යාංශ,පළාත්වල හෝ නගරවල විදේශ කටයුතු පිළිබඳ කාර්යාල,අන්තර් ජාතික සමාගම් සහ විශ්ව විද්‍යාල මෙහි බොහෝ උපාධි ලාභින්ට රැකියා සපයයි.

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ භාෂා පරිවර්තන උපාධි පීඨය පරිවර්තනය පිළිබඳ විශ්ව විද්‍යාල ආයතනවල ජාත්‍යන්තර සන්ධානයේ(CIUTI)සාමාජිකයෙකි.මෙමපීඨය,එක්සත් ජාතීන්ගේ ‍ගෝලීය ප්‍රවීණයන් බිහි කිරීමේ ව්‍යාපෘතියේ ගිවිසුමට අත්සන් කර ඇති අධ්‍යයන ආයතනයක් ලෙස ද හැඳින් වෙයි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC