Beijing Foreign Studies University

පුස්තකාලය

පුස්තකාලය

2019年04月16日


1 (3)

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයීය පුස්තකාල ගොඩනැගිල්ලේ සම්පූර්ණ වපසරිය වර්ගමීටර් විසිතුන්දහසකින් යුක්තවේ. තට්ටු සයකින් සමන්විත එය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල භූමියේ ඇති මං සලකුණක් වැනි ගොඩනැගිල්ලක් ලෙස හැඳින්විය හැකිය. ලෝකයේ රටවල් 55ක භාෂාවලින් පුස්තකාලය යන අර්ථය දෙන පරිදි නෙලා ඇති පුස්තකාලයේ  පිටත බිත්තිය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට ආවේණික සංස්කෘතිය සහ දැක්ම මනා ලෙස මූර්තිමත් කරන්නකි. ප්‍රවේශ ශාලාවේ මුදුන් කොටස අක්ෂර කෙටූ වීදුරු වහලයකින් ආවරණය කොට ඇති අතර එතුලින් ඉර එළිය පතිතවෙන විට දැනුම් සාගරයක්  නිකුත්වන බව හැඟවේ. ප්‍රවේශ ශාලාවේ මැද නිර්මාණය කොට ඇති “පොත් කන්ද ”ක හැඩයේ පඩිපෙලින් ගම්‍ය වන්නේ “තමන්ගේ උත්සාහයෙන් පමණක් දැනුම නැමති කඳු මුදුනට ළඟාවිය හැකියි ” යන චීන සම්ප්‍රදායික අභිධානයයි. සුනම්‍ය සංයුතියකින් සහ විශාල පරිමාණයේ ඉඩකින් යුක්තවීම මෙම පුස්තකාලයේ ඉදිකිරීම් සැලැස්මේ විශේෂ ලක්ෂණ පිළිබිඹු කරන්නකි. මෙහි පොත් සහ පාඨකයන් අතර ඉඩ ඉතා සමීප කොට ඇති ක්‍රමය තුලින් නූතන පුස්තකාල ක්‍රමයේ දියුණුව මනාලෙස පෙන්වා දී ඇත.

_MG_6879 副本

පුස්තකාලයේ තිබෙන චීන සහ විදේශ භාෂාවලින් ඇති කඩදාසි පොත් එකතුව දොලොස් ලක්ෂ හැට හතරදහසක් වේ. චීන සහ විදේශ භාෂාවලින් ඇති විද්‍යුත් පොත් එකතුව හාරලක්ෂ අසූදෙදාහක් වේ. චීන සහ විදේශ භාෂාවලින් ඇති පුවත්පත් සඟරා වර්ග එක් දහස් එකසිය හැත්තෑහතරකි. චීන සහ විදේශ භාෂා දත්ත ගබඩා පනස්හයකි. මෙම පුස්තකාලයේ විශේෂත්වය වන්නේ එය භාෂාව,සාහිත්‍යය,සංස්කෘතිය යන ත්‍රිත්වය මූලික කොටගත් එකක් වීම ය. මෑත වසරවලදී අප විශ්වවිද්‍යාලයේ  විෂයන් දියුණුවීමත් සමඟම නීති,රාජතාන්ත්‍රීක,ආර්ථික,පුවත්,කළමණාකරන වැනි ක්ෂේත්‍රවල ග්‍රන්ථ සංඛ්‍යාව ද ක්‍රමක්‍රමයෙන් ඉහලයමින් පවතී.

_MG_6921 副本

පුස්තකාලය පාඨකයින් වෙනුවෙන් සපයා ඇති ආසන පහසුකම් සංඛ්‍යාව දෙදහසක් වන අතර පර්යේෂණ කියවීම් කටයුතු සඳහා වෙන්කොට ඇති කාමර සංඛ්‍යාව දහ අටකි. මීට අමතරව ශ්‍රාස්ත්‍රීය වාර්තා, ශ්‍රාස්ත්‍රීය සංවාද, පුහුණුකිරීම් යන කටයුතු සිදුකිරීම සඳහා වෙන වෙනම ශාලා පිහිටුවා තිබේ. මෙය ප්‍රදර්ශන ශාලා, කෝපි අවන්හල් වැනි පහසුකම්වලින් ද සමන්විත ය. දැනුම ලබා ගැනීමට අමතරව එකිනෙකා සමඟ අදහස් හුවමාරුවට සහ එකිනෙකාට සවන්දීමට  පහසුකම් ලබාදීම තුලින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාල පුස්තකාලයේ පුද්ගලයා ප්‍රථම කොට සැළකීම නම් වු ගුණය මූර්තිමත් වේ. පැය විසිහතර පුරාම පොත් නැව‍ත භාරදිය හැකි ස්ව‍යංක්‍රීය කවුලු, ස්ව‍යංක්‍රීය මුද්‍රණ හා පිටපත් කිරීමේ පහසුකම්, ස්කෑන් පහසුකම්, පොත් ගෙනයාමේ සහ නැවත භාරදීමේ පහසුකම්වලින් සමන්විත මෙහි සෑම ස්ථානයකම වැදගත් නිවේදන දැනුම් දීම සඳහා වු විද්‍යුත් දර්ශන පුවරු සවිකොට ඇත. පුස්තකාලය තුළ ඇති බහුමාධ්‍ය අධ්‍යාපනික පරාසය සහ විවිධ තාක්ෂණීක උපකරණ පාඨකයාට විචිත්‍රවත් පාඨක අත්දැකීමක් ලබා දීමට පමණක් නොව පාඨකයාගේ නව නිර්මාණකරණය ඔපමට්ටම් කිරීමටත් සමත් වේ. නවීන තාක්ෂණික බුද්ධියෙන් පාලනය වන මෙම ස්ථානය පුස්තකාල පාලන ක්‍රමයේ නවතම ස්වරූපය මෙන්ම දැනුමෙන් පාලනය වන්නාවූ ආර්ථික යුගයක වේගවත් සංවර්ධනය විදහා දක්වයි.

1DX_2813

පරිපූර්ණ ග්‍රන්ථ එකතුවක්, සැපපහසු අධ්‍යාපනික පරිසරයක්, පුද්ගලයා මූලික කොට ගත් සේවාවක්, නවීන තාක්ෂණික උපකරණවලින් සිදුකරන සේවා යනාදිය තුලින් පාඨකයාට පරිපූර්ණ තොරතුරු සේවාවක් සහ ශාස්ත්‍රීය සහය සපයන බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලීය පුස්තකාලය වනාහී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ගුරු ශිෂ්‍ය අධ්‍යන කටයුතු අදහස් හුවමාරු කටයුතු සඳහා වන තෝතැන්නකි.




ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC