- බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ හැඳින්වීමක්
- බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ හැඳින්වීමක්
- දත්ත
- වර්තමාන නායකත්වය
දත්ත
2019年04月15日
විශ්වවිද්‍යාලය |
1941දී මෙම විශ්වවිද්‍යාලය පිහිටුවන ලදි. |
විද්‍යාර්ථින් |
4965ක් ප්‍රථම උපාධි සඳහා ලියා පදිංචි වී ඇත. 2559ක් පශ්චාත් උපාධි සඳහා ලියා පදිංචි වී ඇත. (මින් 427ක් දර්ශන විශාරද උපාධි සඳහා ද 2132ක් ශාස්ත්‍රපති උපාධි සඳහා ලියා පදිංචි වී ඇත.) විදේශ සිසුන් 1410කි. දීප ව්‍යාප්ත නොවන විදේශ භාෂා හදාරන සිසුන්ගේ විදේශ අධ්‍යයන පළපුරුද්ද ලබා ගැනීමේ ප්‍රතිශතය 51%කි. 2015දී චීන විශ්වවිද්‍යාල උපාධිධාරින් රැකියා සොයාගැනීමේ හැකිසාව උරහා බලන ලැයිස්තුවේ තුන්වන ස්ථානය මෙම විශ්වවිද්‍යාලයට හිමි වී ඇත. |
අචාර්ය මණ්ඩලය |
අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 1281කි. අචාර්ය මණ්ඩලය 680කි. මහාචාර්යවරුන් 351කි.( මින් 122ක් මහාචාර්යවරුන් හා 229ක් සහය මහාචාර්යවරුන් ) රටවල් 46කින් පැමිණි විදේශ විශේෂඥයන් 150කට වැඩි පිරිසක් සිටිති. |
ඉගැන්වීම |
පීඨ 22කි. උපාධි පාඨමාලා 78කි. ජාතික මට්ටමේ වැදගත් විෂයයන් 4කි. විදේශ භාෂා 67කි. යුරෝපා සංගමයේ නිල භාෂා 25කි. අග්නිදිග ආසියානු රාජ්‍ය සංගමයේ නිල භාෂා 10කි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පමණක් උගන්වන විදේශ භාෂා 25කි. ගුරු ශිෂ්‍ය අනුපාතය 1:11කි. ශාස්ත්‍රපති උපාධි පාඨමාලා 44කි. දර්ශන විශාරද උපාධි පාඨමාලා 19කි. පශ්චාත් දර්ශන විශාරද උපාධි පාඨමාලා 1කි. |
පර්යේෂණ |
අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කරන ලද මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යව පිළිබඳ ප්‍රධාන පර්යේෂණ ආයතන 1කි. රටවල් සහ කලාපීය පර්යේෂණ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කරන ලද ආයතන 4කි. ජාතික භාෂා කමිටුව යටතේ වූ පර්යේෂණ ආයතන 1කි. බෙයිජිං නගරයේ දර්ශනය හා සමාජ විද්‍යාව සඳහා වූ ප්‍රධාන පර්යේෂණ ආයතන 1කි. ප්‍රධාන සඟරා 3ක් ඇතුළත් නියමිත කාලයට පළ කරන ශාස්ත්‍රීය සඟරා 10කි. |
ජාත්‍යන්තර සම්බන්ධතා හා සහයෝගිතාව |
මේ යටතේ ලෝකය පුරා පිහිටුවා ඇති කොන්පියුසියස් ආයතන 21කි. රටවල් හා කලාප 88ක විශ්වවිද්‍යාල හා ශාස්ත්‍රීය ආයතන 400කට වැඩි ප්‍රමාණයක් සමග හුවමාරු කටයුතු සිදුවේ. |
විශ්වවිද්‍යාල පරිශ්‍රය |
ගොඩනැගිලි ඉදිකිරීමේ වපසරිය වර්ග මීටර් 463654කි. පුස්තකාලයෙහි ඇති ග්‍රන්ථ 1264000කට වැඩි ප්‍රමාණයකි. ( මින් 656000කට වැඩි ප්‍රමාණයක් විදේශ භාෂා ග්‍රන්ථ වේ.) |