Beijing Foreign Studies University

රුසියානු පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලීය රුසියානු පීඨය1941දී ආරම්භ කරන ලද පැරණිතම පීඨය වේ.රුසියානු පීඨය දර්ශන විශාරද(ආචාර්ය)උපාධි සහ ශාස්ත්‍රපති(පශ්චාත්)උපාධි පිරිනැමීමේ විශ්වවිද්‍යාලීය අධ්‍යයන ඒකකයක් වන අතර බෙයිජිං නගරයේ ප්‍රධාන අධ්‍යයන ශාඛාවකි. 2015සැප්තැම්බර් වනවිට විශ්වවිද්‍යාලීය උපාධි අපේක්ෂක සිසුන්284ක්ද,පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්46ක්ද,ආචාර්ය උපාධි අපේක්ෂක සිසුන්21ක්ද,පශ්චාත් ආචාර්ය උපාධි අපේක්ෂක සිසුන්6ක්ද,විදේශීය සිසුන්5ක්ද;ගුරු මණ්ඩලයේ23දෙනෙකුගෙන් ද සමන්විත වේ.ගුරුවරුන්19දෙනෙක් අතුරින්4දෙනෙකුගෙන් යුක්ත පරිපාලන කාර්ය මණ්ඩලයක් ද, 5දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය අනුශාසක මණ්ඩලයක් ද(දර්ශන විශාරද සිසු අධීක්ෂණ ඇතුළුව),සහාය මහාචාර්යවරුන්8ක් ද,කඨිකාචාර්යවරු4ක් ද,විදේශීය විශේෂඥයින් එක්අයෙක්ද වේ.ගුරුමණ්ඩලය අතුරින්16දෙනෙකු ආචාර්ය උපාධීධාරයින් වන අතර ආචාර්යවරු5දෙනෙක් රුසියානු භාෂාවට හිමි ජාතික සම්මානය වන“පුෂ්කිං රන් පදක්කම”දිනාගෙන ඇත. (මුළු රටේම මෙතෙක් හිමිව ඇත්තේ20ක් පමණි),ගුරුවරුන් වැඩි ගණනක් රුසියාවේ“ජනාධිපති සම්මානය” ,”මිත්‍රත්ව සම්මානය”හා“ගොල්කි සාහිත්‍යය සම්මානය”ආදී අනර්ඝ සම්මාන දිනා ඇත.ආචාර්ය මණ්ඩලය විසින් රචනා කරන ලද රුසියානු භාෂා ඉගැන්වීමේ මූලිකාංග කෘතියට බෙයිජිං නගරයේ සහ චීන ජාතික සම්මාන දිනා ගැනීමට සමත් වී ඇති අතර සියයකට වැඩි උසස් අධ්‍යාපන ආයතන එම කෘතිය දැනට පරිහරණය කරයි.

රුසියානු පීඨය ඉගැන්වීම් හා පර්යේෂණ අංශ ඇතුලු වාග්විද්‍යාව,සාහිත්‍යය,භාෂා පරිවර්තන,සංස්කෘතිය,කලාපීය අධ්‍යයනය,ජාත්‍යන්තර සබඳතා,ජාත්‍යන්තර දේශපාලනය හා රුසියානු ආර්ථිකය ආදියෙන් සමන්විත වේ.රුසියානුපීඨයේශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ප්‍රායෝගික,ව්‍යාකරණ,සවන්දීම,කියවීම හා භාෂා පරිවර්තනය(ලිඛිත හා වාචික),රචනා සහ වෙනත් භාෂා ශිල්පක්‍රම ඇතුලත් විෂයමාලා,රුසියානු භූගෝලය,ඉතිහාසය,සංස්කෘතිය,සාහිත්‍යය,සමාජය,කලාපීය අධ්‍යයනය,රුසියානු ආර්ථිකය සහ වෙළඳාම,විදේශ කටයුතු වැනි අනෙකුත් වෘත්තීය දැනුම පාඨමාලා ආදිය අන්තර්ගතය.පශ්චාත් උපාධි අධ්‍යයන සිසුන් ඉගෙනුම් සහ පුහුණු වශයෙන්(විශේෂ දර්ශනපති)කොටස් දෙකකට බෙදා ඇති අතර ඉගෙනුම් කොටසේ පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි අධ්‍යයන සිසුන් නූතන රුසියානු භාෂාව,රුසියානු සාහිත්‍යය,රුසියානු සමාජය හා සංස්කෘතික සහ කලාපීය අධ්‍යයනය ඇතුලු අංශ ගණනාවකින් පෝෂණය වේ.

රුසියානු භාෂාවේ විශේෂිත වූ පුද්ගල හැකියාවන් ගුණාත්මකභාවයෙන් පිරිපුන්ය.සිසුන්ගේ වෘත්තීමය දැනුම හා තාක්ෂණික ප්‍රමුඛත්වය,අනුපාත ක්‍රමයකට අනුව තීරණය වන අතර ඒ අනුව ඔවුන් දැනට චීනයේම පෙරමුණේ සිටී.සමස්ත චීනයේම විශ්වවිද්‍යාලවල විවිධ රුසියානු භාෂා තරඟ වලින් අපපීඨයේශාස්ත්‍රවේදී සහ පශ්චාත් උපාධි සිසුන් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත.ආචාර්ය උපාධි සිසුන්ගේ දැනුම පෝෂණය කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාලවල ඉහළ පෙළේ ගුරුවරුන් විශාල සංඛ්‍යාවක් හා මනා නිපුනතාවන් ඇති පිරිසක් කළමනාකරණය කර ඇත.

චීන–රුසියා දූරදර්ශී සහයෝගීතාව සහ ඒකාකාරව දියුණුවන ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා නිසා රුසියානු භාෂාවේ අනාගත කටයුතු වඩවඩාත් දියුණු වී ඇත.වසර ගණනාවක් පුරා රැකියා අනුපාතය සියයට100කට ආසන්න වන අතර එම සිසුන් විවිධ වූ හැකියාවන්ට නැඹුරුවක් දක්වන වෘත්තීය වශයෙන් රාජ්‍ය අමාත්‍යාංශ හා ආයතන,රාජ්‍ය සතු ව්‍යවසායන් සහ රුසියානු තානාපති කාර්යාලය හා අනෙකුත් විශාල ආයතනවල සේවයේ නිරත වේ.

රුසියානු භාෂාපීඨයසහ මොස්කව් විශ්වවිද්‍යාලය,මොස්කව් වාග්විද්‍යා විශ්වවිද්‍යාලය,මොස්කව් ජාත්‍යන්තර සබඳතා විශ්වවිද්‍යාලය,පුෂ්කින් රුසියාන් භාෂා ආයතනය,රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය,ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලීය සහ අනෙකුත් ආයතන සමඟ අන්තර් විශ්වවිද්‍යාලීය සහයෝගීතාව ඇත.අප විශ්වවිද්‍යාලය සෑම වසරකම සිසුන් හා ගුරුවරුන් ඉහත සඳහන් ආයතන වලට යවන අතර අපගේ විශ්වවිද්‍යාලයට ද රුසියානු භාෂා අධ්‍යයනය කිරීමට පිටරට සිට ශාස්ත්‍රවේදී හා දර්ශනපති උපාධි සඳහා උපාධි සිසුන් භාරගනු ලැබේ.

නූතන ඉතිහාසය තුළ,අධ්‍යාපනය පරිවර්තනය හා වැඩිදියුණු කිරීමේ අභියෝගය සඳහා,අප සිසුන් කුසලතා වලින් පිරිපුන් කිරීම ප්‍රධාන අරමුණක් වන අතර ඊට අමතරව චීන ආවේනික ලක්ෂණ ඇති ජාත්‍යන්තර මට්ටමේ විදේශ භාෂා අධ්‍යාපනයක් නිර්මාණය කිරීම,අන්තර්ජාතික විදේශ භාෂා ඉගැන්වීම් ක්‍රම සැලසුම් කිරීම,ඉතාමත් ශක්තිමත් රුසියානු භාෂා හා සාහිත්‍යය මඟකට සිසුන් යොමුකිරීම ආදියට සවියක් වනු ඇතැයි විශ්වාස කෙරේ.තවද ජාතික උපාය මාර්ගික අවශ්‍යතා සහ කලාපීය ආර්ථික–සමාජ සංවර්ධන අවශ්‍යතාවන්ට අනුව අවම පුද්ගල කුසලතා හා වෘත්තීය පුහුණුව නව්‍යකරණය ගොඩනැඟීම,චීන–රුසියානු දෙපාශ්වීය සංස්කෘතික සංවර්ධන ව්‍යාප්තිය උදෙසා ඉහළ කැපවීමෙන් හා කුසලත්වයෙන් පරිපූර්ණ අනර්ඝ පරිවර්තකයන් සහ ප්‍රාදේශීය පර්යේෂණ අධ්‍යයන හා කුසලතා කළමනාකරුවන් බිහිකිරීම මෙහිදී අපේක්ෂා කෙරේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC