Beijing Foreign Studies University

ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණීම

发布时间:2023-10-13

සැප්තැම්බර් මස 27 වන දින, ශ්‍රී ලංකා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති Yang Dan මහතා, විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් Jia Wenjian මහතා ඇතුළු මහත්ම මහත්මියන් බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ දූත පිරිස සමග හමුවිය. මෙම අවස්ථාව මගින් සිංහල භාෂාව හදාරන්නවුන් තුළ කුසලතා බිහි කිරීම, සිසුන්ගේ විදේශීය පුහුණු වීම සහ ශිෂ්‍ය හුවමාරුව යනාදි කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරමින් දෙපාර්ශ්වය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් විය.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC