Beijing Foreign Studies University

BFSU ගෝලීය ශිෂ්ටාචාර සංසදය පවත්වයි

发布时间:2023-10-13

එක් තීරයක්, එක් මාවතක්” වැඩසටහනේ දසවන සංවත්සරය නිමිත්තෙන්, 2023 සැප්තැම්බර් 16 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් සත්කාරකත්වය සපයන ලද ගෝලීය ශිෂ්ටාචාර සංසදය BFSUහි නැගෙනහිර මණ්ඩපයේ ශරිර සුවනා මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. “ගෝලීය ශිෂ්ටාචාරයන් සම්බන්ධ කිරීම සහ ජාත්‍යන්තර අවබෝධය වැඩි දියුණු කිරීම” යන තේමාව සමඟින්, ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය ඉගෙනීම ශක්තිමත් කිරීම, ගෝලීය ශිෂ්ටාචාර මුල පිරීම් සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ මානව වර්ගයා සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම වැදගත් බව සංසදය යෝජනා කරයි. රාජ්‍ය දෙපාර්තමේන්තු, දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල නියෝජිතයින්, අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සහ විද්වතුන්, BFSUහි ගුරුවරුන් සහ සිසුන්ගේ නියෝජිතයින් ඇතුළු 600 කට අධික පිරිසක් මෙම සංසදයට සහභාගී වූහ.

‌බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා "ගෝලීය ශිෂ්ටාචාරයේ ප්‍රායෝගිකත්වය තුළ විශ්වවිද්‍යාලයේ මෙහෙවර සහ වගකීම හෙළිදරව් කිරීම" යන මැයෙන් මෙහිදී දේශනයක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය ගුව යේජෞ, චීන කාර්මික හා වාණිජ බැංකුවේ උප සභාපති ජන්ග් වේවූ, UNESCO හි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉරීනා බොකෝවා සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්. එම්. පත්මලාල් විසින් දේශන පවත්වන ලදී.

එක් තීරයක්, එක් මාවතක්” පිළිබඳ ජාතික සංස්කෘතික හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵල නිකුත් කිරීමේ උත්සවයක් සංසදය විසින් පවත්වන ලදී. එය ගෝලීය භාෂා සේවා වේදිකා ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කළ අතර නව යුගයේ BFSUහි මෙහෙවර පෙන්නුම් කරමින් ජාත්‍යන්තර අවබෝධතා දායකත්ව දර්ශකය නිකුත් කළේය.

පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සභාපති යැං ඩෑන්, “ශිෂ්ටාචාර අතර හුවමාරු ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර අවබෝධය වැඩි දියුණු කිරීම” යන මැයෙන් දේශනයක් පැවැත්වීය. ඇල්ජීරියාව-චීන මිත්‍රත්ව සංගමයේ සභාපති ඉස්මයිල් දෙබේෂ්, චියැං මායි රාජකීය විශ්වවිද්‍යාලයේ විධායක සභාපති චාල්ස් මැනිගෝසන්, ලෝක කොන්ෆියුසියානු සංස්කෘතික පර්යේෂණ සම්මේලනයේ සභාපති සහ BFSUහි බාහිර මහාචාර්යවරයා වන ඇන්ලජ, සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිමෝති වින්ටර්, ස්වීඩන් රාජකීය සාහිත්‍ය, ඉතිහාසය සහ පුරාවිද්‍යා ඇකඩමිය සහ යුරෝපීය විද්‍යා ඇකඩමියේ විදේශ විද්‍යාඥ ජන්ග් ලෝන්ෂි පිළිවෙළින් “චීන-අරාබි සංවාදය කෙරෙහි අවධානය යොමු කිරීම, ශිෂ්ටාචාර සංවාදය සහ ලෝකයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම”, “ගෝලීය ශිෂ්ටාචාරය සහ ජාත්‍යන්තර අවබෝධය”, “ගෝලීය සහජීවනයෙහි නියැලීම සඳහා නව රාමුවක් ලෙස ශිෂ්ටාචාර පිළිබඳ සංවාදය ඇති කිරීම”, “ශිෂ්ටාචාරයේ අනාගතය සහ ‘එක් තීරයක්, එක් මාවතක්’ මුලපිරීම”, “ඔබ තමන්ටම සැලකීමට කැමති පරිදි අන් අයට ද එසේ ඉවසීම දැක් වීම යනු සංවාදයේ සහ සහජීවනයේ මාර්ගයක්” යන මාතෘකා යටතේ දේශන පැවැත්වූහ.

“බෙදාගත් අනාගතයක් සහිත ප්‍රජාවක්: අභියෝග සහ අනාගතය”, භාෂාව සහ මානව ශිෂ්ටාචාරය”, ජාත්‍යන්තර සන්නිවේදනය සහ අන්තර් සංස්කෘතික අවබෝධය”, අධ්‍යාපනයේ සමානාත්මතාව සහ ලෝකයේ අනාගතය”, “ ‘එක් තීරයක්, එක් මාවතක්’ මුලපිරීමේ සහ RCEP අධ්‍යාපන සහයෝගීතාවයේ 10 වන සංවත්සරය”, ගෝලීය ශිෂ්ටාචාරය සහ තරුණ වගකීම”, “දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාර සංවර්ධනය, මානව සංවර්ධනයේ සහ ශිෂ්ටාචාරයේ නව ක්‍රමවේද” යනාදී විවිධ තේමා කෙරෙහි උප සංසදවල අවධානය යොමු වූයේ‍ය. රැස්වීමට සහභාගී වූ දේශීය හා විදේශීය විද්වත්තු අදාළ මාතෘකා පිළිබඳව ගැඹුරු අදහස් හුවමාරු කර ගැනීම් සහ සාකච්ඡා පැවැත්වූහ.

 

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC