Beijing Foreign Studies University

චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සංධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලය BFSU හි ආරම්භ කරන ලදී

发布时间:2023-09-21

2023 අගෝස්තු මස 31 වන දින, චීනයේ උසස් අධ්‍යාපන සංගමය සහ අප්‍රිකානු විශ්වවිද්‍යාල සංගමය විසින්බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සංධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලය ආරම්භ කිරීමේ උත්සවය පවත්වන ලදී.

චීනයේ උසස් අධ්‍යාපන සංගමයේ සභාපති Du Yubo මහතා, උප සභාපති Zhang Daliang මහතා, අප්‍රිකානු විශ්වවිද්‍යාල සංගමයේ මහලේකම් Olusola Oyewole මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති Yang Dan මහතා සහ චීනයේ උසස් අධ්‍යාපන සංගමයේ උප මහලේකම් Hao Qingjie මහතා ආදී පිරිස එක්වචීන-අප්‍රිකා විශ්ව විද්‍යාල සංධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලයවිවෘත කළහ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ චීනයේ උසස් අධ්‍යාපන සංගමයේ මඟපෙන්වීම යටතේ, චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සංධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලය චීනයේ බොහෝ විශ්වවිද්‍යාල සහ අප්‍රිකානු පර්යේෂණ ආයතන සමඟ විවිධ අන්තර් විශ්වවිද්‍යාල සහයෝගිතා සහ හුවමාරු ක්‍රියාකාරකම් සිදු කරනු ඇත. චීන-අප්‍රිකා විද්‍යාත්මක සහ පර්යේෂණ සහයෝගිතා ජාලයක් ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC