Beijing Foreign Studies University

කුලපති යං ඩැන් මහතා එක්සත් ජාතීන්ගේ නිල සඟරාව වන UN Today සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීම

发布时间:2023-09-14

මෑතකදී, එක්සත් ජාතීන්ගේ එකම නිල සඟරාව වන UN Today ඟරාව සමඟ, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති යං ඩැන් මහතා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, භාෂාව මගින් ජාත්‍යන්තර සම්බන්ධතා නැවත තහවුරු කිරීම”(Reaffirming International Connections through Language ) යන මාතෘකාව යටතේ ඉහත ලිපිය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම සම්මුඛ සාකච්ඡාවේදී, යං ඩැන් මහතා භාෂා අධ්‍යාපනය සහ විවිධ සමාජ සේවාවන් මගින් ජාත්‍යන්තර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීමේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික අත්දැකීම් බෙදාහදා ගත් අතර, විදේශ භාෂා අධ්‍යාපනයේ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේදී BFSU හි ජයග්‍රහණ හඳුන්වා දුන්නේය. එමෙන් ම ඔහු තොරතුරු යුගයේ කෘතිම බුද්ධිය වැනි නව තාක්‍ෂණයන්ගෙන් මානව වර්ගයා කෙරෙහි ඉදිරිපත් කරන ලද අභියෝග පිළිබඳ ගැටලුවලට පිළිතුරු සපයා ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC