Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සඟරා 34 ක් චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා AMI ඇගයීම් ලැයිස්තුවට ඇතුළත් වේ

发布时间:2023-02-19

ජනවාරි මස 12 වන දින, චීන සමාජ විද්‍යා ඇගැයීම් ඇකඩමිය "චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා AMI (2022) පිළිබඳ විස්තීරණ ඇගයීම් වාර්තාව" නිකුත් කළ අතර, 2022 සඟරා ඇගයීමේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළේය. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සඟරා මෙම ඇගයීමේ දී ඉහළ ප්‍රතිඵල අත් කරගෙන තිබේ. බලයලත් සඟරාවක්, මූලික සඟරා 5ක්, විස්තීරණ සඟරා 3ක් සහ දත්ත සමුදායේ ඇතුළත් සඟරා 25 ක් මීට ඇතුළත් වේ.

චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා ඇගයීම චීන සමාජ විද්‍යා ඇකඩමිය විසින් සංවිධානය කරනු ලැබේ. 2014 සිට සෑම වසර හතරකට වරක් වාර්තාවක් ප්‍රකාශයට පත් කෙරේ. 2014 දී, "චීන මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා සඟරා පිළිබඳ ඇගයීම් වාර්තාව (2014)" (පළමු සංස්කරණය) නිකුත් කරන ලද අතර, 2018 දී "චීන මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා සඟරා පිළිබඳ AMI විස්තීර්ණ ඇගයීම් වාර්තාව (2018)" (දෙවන සංස්කරණය) නිකුත් කරන ලදී. මෙවර නිකුත් කරන ලද "චීන මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා සඟරාවල AMI විස්තීර්ණ ඇගයීම් වාර්තාව (2022)" තුන්වන සංස්කරණයයි. "AMI විස්තීර්ණ ඇගයීම් වාර්තාව" වර්තමානයේ දේශීය අධ්‍යයන කවයේ ඇති ප්‍රධාන ආවර්තිතා නාමාවලියක් ද වේ. එය යම්කිසි බලපෑමක් ඇති අතර විවිධ විද්‍යාත්මක පර්යේෂණ ආයතන විසින් වඩ වඩාත් අගය කොට සම්මත කර ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC