Beijing Foreign Studies University

BFSU විදෙස් ගුරුවරයෙකු People’s Daily පුවත්පත සමග තම චීන අත්දැකීම් බෙදා ගනී

发布时间:2022-12-04

නොවැම්බර් මස 18 වන දින People’s Daily පුවත්පතෙහි ජාත්‍යන්තර සංස්කරණයේ “විදේශීය තරුණයන් චීනයේ අධ්‍යාපනය ලබයි” නමැති තීරුවේ “තවත් මිනිසුන්ට අපූරු චීන කතා ඇසීමට ඉඩ දෙන්න” නමින් වාර්තාවක් පළ විය. ඒ සඳහා සම්මුඛ වූයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආසියානු පීඨයේ ඉන්දුනීසියානු තරුණ ගුරුවරයෙකු වන හෙන්ඩි යුනියාටෝ (Hendy Yuniato) ය. ඔහුගේ චීනයේ ගතකළ දිවිය සම්මුඛ සාකච්ඡාව මගින් ඔහු බෙදා ගත්තේය.

චීනයේ යුනාන්, ෂින්ජියැන්ග් සහ වෙනත් ස්ථානවල මහා ගංගා සහ කඳු ගවේෂණය කරමින් විවිධ ස්ථානවල සිරිත් විරිත් අත්විඳින අතර චීන ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීම සහ බීජිං ශීත ඔලිම්පික් උළෙල පිළිබඳ කථාන්දර ක්‍ෂුද්‍ර දර්ශන මාලාවක් රූගත කිරීමට ඔහු ගිය බව සඳහන් කළාය. ඡායාරූපකරණය සහ ලිවීම හරහා චීනයේ සංවර්ධනය සහ වෙනස්කම් වාර්තා කළ අතර,බෙයිජිංහි BFSUහි වැඩ කිරීම සහ ජීවත් වීම පිළිබඳ ඔහුගේ සුන්දර අත්දැකීම් සහ ගැඹුරු අවබෝධය ඔහු බෙදා ගත්තේය. ඔහුගේ උත්සාහයෙන් චීනයේ සහ ඉන්දුනීසියාවේ ජනතාවට එකිනෙකා හොඳින් අවබෝධ කර ගැනීමටත්, දෙරට අතර මිත්‍රශීලී රාජ්‍ය නොවන හුවමාරුවලට පහසුකම් සැලසීමටත්,මානව වර්ගයාට හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට තම තරුණ ශක්තිය දායක කර ගැනීමටත් හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC