Beijing Foreign Studies University

BFSU හි රුසියානු සිසුන් ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ අත්දැකීම් බෙදා ගනී

发布时间:2022-07-08

BRICS සමුළුව ආසන්නයේ, ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය විසින් BRICS රටවල් පහ අතර සහයෝගීතාව සහ හුවමාරුව පෙන්නුම් කරමින් තේමාත්මක වාර්තා වැඩසටහන් මාලාවක් විකාශය කරන ලදී. මෑතකදී, BFSU හි ඉගෙනුම ලබන රුසියානු ශිෂ්‍යයෙකු වන Mustafin Oskar ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අතර, එම සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියෙහි ඉංග්‍රීසි නාලිකාවේ සහ විදේශීය වේදිකාවල විකාශය විය.

සම්මුඛ සාකච්ඡාවේදී Mustafin Oskar චීනය වෙත තම ආදරය සහ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේ අත්දැකීම් විස්තර කළේ . ඔහු පැවසුවේ චීන-රුසියානු ආර්ථික හා වෙළඳ සහයෝගීතාව ගැඹුරු වීමත් සමඟ "තමන්ටම අයිති දීප්තිමත් අනාගතයක්" පෙනෙන බවයි. BFSU හි ජාත්‍යන්තර ආර්ථිකය සහ වෙළඳාම පිළිබඳ උපාධි අධ්‍යයනය සම්පූර්ණ කිරීමෙන් පසුව, චීන-රුසියානු වෙළඳාම සම්බන්ධ කටයුතුවල නිරත වීමට චීනයේ රැඳී සිටීම ගැන සලකා බලන බව Mustafin Oskar කියා සිටියේ .

එම සම්මුඛ සාකච්ඡාවේ ලින්ක්: https://english.news.cn/20220619/ae0f810b893745439a988b2ec5fa17f0/c.html


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC