Beijing Foreign Studies University

2022 වසරේ "බෙයිවායි කුසලාන" වොලිබෝල් තරඟය අවසන් වේ

发布时间:2022-06-22

2022 වසරේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ "බෙයිවායි කුසලාන" වොලිබෝල් තරඟාවලියේ පිරිමි අවසන් තරඟය මැයි 28 වන දින පැවැත්විණි. අරාබි පීඨයේ පිරිමි කණ්ඩායම ශූරතාවය දිනා ගත් අතර ජාත්‍යන්තර සබඳතා පීඨයේ පිරිමි කණ්ඩායම අනුශූරතාවය දිනා ගන්නා ලදී. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා මහතා තරඟය නැරඹූ අතර ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රදානය කළේය. මේ වන විට, දින 20 2022 වසරේ "බෙයිවායි කුසලාන" වොලිබෝල් තරඟය නිල වශයෙන් අවසන් වී ඇත.

ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වැන්ග් ඩින්ගුවා මහතා ජයග්‍රාහී කණ්ඩායම්වලට කුසලාන ප්‍රදානය කළ අතර ත්‍යාගයක් ලෙස අත්සන් කරන ලද වොලිබෝල් ප්‍රදානය ද සිදු කරන ලදී. මෙහිදී වැන්ග් ඩින්ගුවා මහතා සෑම ක්‍රීඩකයෙකු වෙතටම සුබපැතුම් එක් කළ අතර වෙහෙස වී නොපසුබට උත්සාහයෙන් ධෛර්යයෙන් යුතුව, එක්ව කටයුතු කිරීම පිළිබඳව ප්‍රශංසා කරන ලදී. එසේම එතුමා වඩාත් ආකර්ෂණීය ලෙස අනාගතයේදී ක්‍රීඩා කිරීමට ඔවුන් දිරිමත් කරන ලදී.

2022 වසරේ "බෙයිවායි කුසලාන", වොලිබෝල් තරඟය මැයි මස 9 දින සිට 29 දින දක්වා පවත්වන ලදී. තරඟාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 13 ක් සහ කාන්තා කණ්ඩායම් 15 ක් සහභාගී වූහ. පීඨ 16ක් නියෝජනය කරමින් සහභාගී වූ මුළු ක්‍රීඩක සංඛ්‍යාව 398 කි. මෙම තරඟවලිය තුළින් තරුණ ජීව ශක්තිය විදහා දක්වන ලදී. එසේම එය බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතික වාතාවරණයක් නිර්මාණය කිරීමට ද සමත් විය.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC