Beijing Foreign Studies University

2022 ජාත්‍යන්තර චීන දින කොන්ෆියුසියස් ආයතනය ඔන්ලයින් කලා උළෙල පැවැත්විණි

发布时间:2022-05-02

13 වැනි එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සැමරීම සඳහා, අප්‍රේල් 23 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය මාර්ගගත කලා උළෙලක් පැවැත්වීය. කොන්ෆියුසියස් ආයතන කාර්යාලය විසින් සත්කාරකත්වය දරන ලද අතර විදේශීය කොන්ෆියුසියස් ආයතන විසින් සම-සංවිධානය කරන ලදී. කොන්ෆියුසියස් ආයතන 21ක් විසින් වඩාත් නිර්මාණශිලී සකස් කළ වැඩසටහන් ඒ සඳහා තෝරා ගන්නා ලදී. එම වැඩසටහන් අන්තර්ජාලය මඟින් ගෝලීයව සජීවී ලෙස විකාශනය කරන ලදී. මෙව වැඩසටහන් 300කට ආසන්න පිරිසක් විසින් නරධා තිබිණ.

මෙහිදී සාදයක්ද පවත්වන ලද අතර කොන්ෆියුසියස් ආයතනයේ මෙන්ම BFSUහි ආචාරියවරුන් සහ සිසුන් එකම වේදිකාවේ රඟ දැක්වීය. වර්ණවත් සංගීත හා නැටුම් වැඩසටහන්, අද්විතීය භාෂා වැඩසටහන් සහ "අපි ලෝකය" චීන-විදේශීය විලයන වැඩසටහනක් ද එම සාදයේදී තිබෙනවා. අවසාන වශයෙන්, ශීත ඍතු ඔලිම්පික් තේමා ගීතය "එකට අනාගතයට" ගායනා කිරීමෙන් සාදය අවසන් විය.

කොන්ෆියුසියස් ආයතනය ඔන්ලයින් ගාලා යනු බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතන කාර්යාලයේ නව්‍ය ව්‍යාපෘතියකි. කොන්ෆියුසියස් ආයතන කාර්යාලය BFSU හි බහුභාෂා සම්පත්වලින් ප්‍රයෝජන ගනිමින්, සන්ධ්‍යා සාදයේ ආකෘතිය සහ අන්තර්ගතය ගවේෂණය කිරීම සහ නව්‍යකරණය කිරීම සහ චීන භාෂාවේ සහ සංස්කෘතියේ සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා සහ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා එය BFSU ලාක්ෂණික සංස්කෘතික ව්‍යාපෘතියක් බවට පත් කරනු ඇත.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC