Beijing Foreign Studies University

"ගෝලීය සංවර්ධනය සඳහා සාමූහික අනාගතයක් සහිත ප්‍රජාවක්" මැයෙන් වූ ජාත්‍යන්තර තරුණ බුද්ධි ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුවට BFSU සහභාගී විය

发布时间:2022-03-13

පෙබරවාරි මස 25 වන දින පැවති "ගෝලීය සංවර්ධනය සඳහා සාමූහික අනාගතයක් සහිත ප්‍රජාවක්" මැයෙන් වූ ජාත්‍යන්තර තරුණ බුද්ධි ව්‍යාපාර ප්‍රවර්ධන සමුළුවට BFSU ද සහභාගී විය. මෙයට සමකාලීන චීනය සහ ලෝකය පිළිබඳව අධ්‍යයන කිරීමේ ආයතනය සහ ගෝලීයකරණ චින්තන පර්ෂදය විසින් සම සත්කාරකත්වය සපයන ලදී. මෙම සමුළුව අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර විදේශීය තරුණ තරුණියන් සමඟ දේශීය හා විදේශීය විශ්ව විද්‍යාල, චින්තන පර්ෂද, ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් සංවිධාන නියෝජනය කරමින් විද්වතුන් 15 දෙනෙකු සහභාගී විය. ඔවුහු ගෝලීය සංවර්ධනය සඳහා සාමූහික අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම යන තේමාව පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති Jia Wenjian මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ගෝලීය සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සෑම රටකම තරුණ තරුණියන් දිරිමත් කිරීම සඳහා "ගෝලීය සංවර්ධනය සඳහා සාමූහික අනාගතයක් සහිත ප්‍රජාවක්" මැයෙන් වූ ජාත්‍යන්තර තරුණ බුද්ධි ව්‍යාපාරය මූලිකව "දරිද්‍රතාවය පහළ දැමීම සහ විවෘත සංවර්ධනය", "වසංගත විරෝධී සහ මහජන සෞඛ්‍ය", "දේශගුණික විපර්යාස සහ හරිත සංවර්ධනය", "නවෝත්පාදනය සහ ඩිජිටල් ආර්ථිකය" සහ "විවෘත සහයෝගීතාවය සහ අන්තර් සම්බන්ධතාව" යන ප්‍රධාන මාතෘකා පහක් යටතේ ඊට සහභාගි වූ තරුණ තරුණියන්ගෙන් නව්‍ය යෝජනා ලබා ගැනීම හා යෝජිත කාර්යයන් සඳහා විශේෂ මඟ පෙන්වීමක් ලබා දීමට ජ්‍යෙෂ්ඨයන්ට ආරාධනා කිරීම ද සිදු කෙරිණි.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC