Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දෙවන සංසන්දනාත්මක සහ ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුව ආරම්භ විය

发布时间:2021-11-22

2021 වසරේ ඔක්‌තෝබර් මස 23වන දින චීනයේ අධ්‍යාපන සංගමයේ ජාත්‍යන්තර අධ්‍යාපන ශාඛාවේ වාර්ෂික අධ්‍යයන රැස්වීමට සමගාමිව දෙවන බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සංසන්දනාත්මක හා ජාත්‍යන්තර අධ්‍යාපන සමුළුව ද ඇරඹිණ.

චීනයේ යුනෙස්කෝ සංවිධානයේ ජාතික කමිටුවේ ලේකම් Qin Changwei මහතා සහ චීනයේ අධ්‍යාපන සංගමයේ ජාත්‍යන්තර අධ්‍යාපන ශාඛාවේ සභාපති සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂයේ කමිටුවේ ලේකම් Wang Dinghua මහතා මෙම උත්සවයට සහභාගි වූහ.

“ගෝලීය අධ්‍යාපන පාලනය සඳහා සහභාගි විමේ හැකියාව ශක්තිමත් කිරීම” මෙහි තේමාව විය. ගෝලීය අධ්‍යාපන පාලනයට සහභාගි විමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා පළමුව ගෝලීය අධ්‍යාපන පාලන ශූරතාවන් සඳහා පුහුණු වීම අවශ්‍යය. දෙවැන්ත කාර්යය වන්නේ ගෝලීය අධ්‍යාපන පාලනය කිරීමේ අධ්‍යයනයට අවධානය යොමු කිරීමය. තෙවත කාර්යය වන්නේ චීන අධ්‍යාපනය මනාව ප්‍රකාශ කිරීම සඳහා හැකියාවන් දියුණු කිරීමය. සිව්වන කාර්යය වන්නේ ජාත්‍යන්තර සංගමය සමඟ සහයෝගයන් සමීපව කටයුතු කිරීමය. ගෝලීය අධ්‍යාපන පාලනය කිරීමේ වේදිකාව පිහිටුවීමට අවධානය යොමු කිරීම පස්වැන්නය.

විවෘද කිරීමේ උත්සවයේදී වෙන්හුයි සම්මානය සඳහා සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය පැවැත්විණ. මෙහිදී මාලදිවයිනේ ජාතික අධ්‍යාපන පාසලේ ‘වසංගත සමයේ ඉගැන්වීම නොනිමි ජාතික රූපවාහිනි පන්ති ව්‍යාපෘතිය සහ නේපාලයේ හිමාලයේ සම්පත් පදනමේ විද්‍යත්මික අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ කොරෝනා වෛරසයට එරෙහි ව්‍යාපෘතිය වෙන්හුයි සම්මානයට පාත්‍ර විය.


ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC