Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් 2021 වසරේදී ප්‍රාදේශීය චීන භාෂා ගුරුවරුන් සඳහා මාර්ගගත පුහුණුව ලබා දීම

发布时间:2021-11-12

2021 වසරේ ජූලි මස 17 දින සිට අගෝස්තු මස 07 දක්වා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය විසින් ප්‍රාදේශීය චීන භාෂා ගුරුවරුන් වෙනුවෙන් මාර්ගගත පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. චීන-විදේශ භාෂා හුවමාරු සහයෝගිතා මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහනට අරමුදල් සපයන ලද අතර බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතන කාර්යාලය විසින් අනුග්‍රහය දක්වා තිබේ. ප්‍රාදේශීය චීන භාෂා ගුරුවරුන්ගේ වෘත්තීය දියුණුව වර්ධනයට සහාය වීම, යුරෝපයේ මෙන්ම මැලේසියාවේ චීන භාෂා ඉගැන්වීමේ අවශ්‍යතා සපුරාලීම සහ චීන සංස්කෘතිය පිළිබඳව අවබෝධය ප්‍රවර්‍ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

මෙම පුහුණුව යුරෝපීය ප්‍රාදේශීය චීන භාෂා ගුරුවරුන් සහ මැලේසියාවේ ප්‍රාදේශීය චීන භාෂා ගුරුවරුන් සඳහා වශයෙන් මාර්ගගත සම්මන්ත්‍රණවලට බෙදා ඇත. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපීය කලාපයේ රටවල් 14ක වෙසෙන චීන භාෂා ගුරුවරුන් 156 දෙනෙකු ද, මැලේසියාවේ ස්වදේශීය චීන භාෂා ගුරුවරුන් 109 දෙනෙකු ද මීට සහභාගි විය. ප්‍රථම වරට මෙම පුහුණුව "කථිකාචාර්ය + උපදේශක" යන ද්විත්ව-ගුරු ඉගැන්වීමේ මූලධර්මය අනුගමනය කරමින් පවත්වන ලද අතර එමඟින් න්‍යාය ප්‍රායෝගිකව භාවිතයට ගැනීම ප්‍රවර්‍ධනය කිරීම මෙන්ම ඉගැන්වීමේ ක්‍රියාවලියේදී චීන භාෂා ඉගැන්වීමේ න්‍යායන් ව්‍යවහාරයේ යෙදෙන්නට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම  අරමුණු කරන ලදී.

2008 වසරේ සිට කොන්ෆියුසියස් ආයතන කාර්යාලය විසින් බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ විශේෂඥයින් සංවිධානය කොට පෝලන්තය, දකුණු කොරියාව, තායිලන්තය, ජර්මනිය, ඊජිප්තුව, ඔස්ට්‍රියාව, ඉතාලිය සහ වෙනත් රටවලට ගොස් චීන භාෂා ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC