Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති - “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහනට සම්බන්ධ රටවල අධ්‍යාපනයේ පොදු දියුණුව ප්‍රවර්ධනය කිරීම

发布时间:2021-11-12

ජූලි මස 14 වැනි දින, චීන පුවත්පත් ප්‍රකාශන ගුවන් විදුලි චිත්‍රපට සහ රූපවාහිනී සඟරාවෙහි (China Press Publication Radio Film and Television Journal) බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති වං ඩින්හුවාWang Dinghua මහතා විසින් රචිත "එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට සම්බන්ධ රටවල අධ්‍යාපනයේ පොදු දියුණුව ප්‍රවර්ධනය කිරීම" යන ලිපිය ප්‍රකාශයට පත් විය.

මෙම ලිපියෙහි සඳහන් පරිදි, "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට සම්බන්ධ රටවල සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ පොත් මාලාව ඒ ඒ රටවල සංස්කෘතික හා අධ්‍යාපනික තත්ත්වය ගැන චීනයේ සාමාන්‍ය පාඨකයින්ටත් පර්යේෂකයන්ටත් මනා අවබෝධයක් ලබා දීම සඳහා වැදගත් මූලාශ්‍රයකි. එපමණක් නොව එමඟින් චීනයේ සංසන්දනාත්මක අධ්‍යාපනය පර්යේෂණ ක්ෂේත්‍රය පුළුල් කිරීමටත් චීනයේ හා විදේශ රටවල විවිධ ශිෂ්ටාචාර අතර අන්තර් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමටත් “එක් තීරයක් එක් මාවතක්” වැඩසටහන ඉදිරියට ගෙන යෑමටත් ඉතා වැදගත් වේ.

"එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට සම්බන්ධ රටවල සංස්කෘතිය සහ අධ්‍යාපනය පිළිබඳ පොත් මාලාව මහාචාර්ය වං ඩින්හුවා ගේ ප්‍රධානත්වයෙන් දෙස් විදෙස් විශේෂඥයින් හා විද්වතුන් 120 ක් විසින් සංස්කරණය කරන ලද්දකි. ජාතික තත්ත්වය, සංස්කෘතික සම්ප්‍රදායන්, අධ්‍යාපන ඉතිහාසය, පෙර පාසල් අධ්‍යාපනය, මූලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, ගුරු අධ්‍යාපනය, අධ්‍යාපන ප්‍රතිපත්තිය, අධ්‍යාපන පරිපාලනය සහ අධ්‍යාපන හුවමාරුව යනාදිය ඇතුළත් කළ ඉහත පොත් මාලාව "එක් තීරයක් එක් මාවතක්" වැඩසටහනට සම්බන්ධ රටවල අධ්‍යාපනයේ ඉතිහාසය, වර්තමාන තත්ත්වය සහ විශේෂ ලක්ෂණ පිළිබඳ පාඨකයින්ට අවබෝධයක් ලබා දීමට උපකාරී වේ. එමෙන් ම එය චීනයේ අධ්‍යාපනය, ජාත්‍යන්තර හුවමාරුව හා සහයෝගිතාව සංවර්ධනය කිරීම සඳහා මහඟු දායකත්වයක් ලබා දෙනු ලැබේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC