Beijing Foreign Studies University

චීන-ප්‍රංශ උසස් මට්ටමේ සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරු යාන්ත්‍රණය යටතේ හතරවන වරටත් රැස්වීමකට කුලපති පෙන්ලුන් සහභාගි වීම

发布时间:2019-05-10

නොවැම්බර් මස විසිහතරවනදින උදෑසන චීන – ප්‍රංශ උසස් මට්ටමේ සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරු යාන්ත්‍රණය යටතේ හතරවන වරටත් රැස්වීමක් පැවැත්විණ. චීන රාජ්‍ය මණ්ඩලයේ උප-අගමැති Liu Yandong මහත්මිය සහ ප්‍රංශයේ විදේශ ඇමති Jean-Yves Le Drian මහතා සිය රට නියෝජනය කරමින් මෙම රැස්වීමේ ප්‍රධානියෝ ලෙස අදාළ ක්‍රියාකාරකම්වලට සහභාගි වූහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් මහතා එම රැස්වීමට සහභාගි වූ අතර චීන ජාත්‍යන්තර රූපවාහිනිය(CGTN) විසින් සංවිධානය කරන ලද පළමු අදියරේ  ප්‍රංශ භාෂා තරඟයේ ත්‍යාග පිරිනැමීමේ උත්සවයට ද සහභාවි විය.

මෙම රැස්වීමේදී චීන උප-අගමැති Liu Yandong මහත්මිය සහ ප්‍රංශයේ විදේශ ඇමති Jean-Yves Le Drian මහතා විසින් සමූහ ප්‍රකාශයට අත්සන් තබන ලද අතර ඔවුන් දෙදෙනා ඉදිරිපිට සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරු පිළිබඳ ගිවිසුම් 7ක් අත්සන් තැබිණ. චීන කොන්ෆියුසියස් ආයතන මූලස්ථානය  ප්‍රංශයේ ESCP යුරෝපයේ උසස් ව්‍යාපාර ආයතනය සමග අත්සන් තැබූ ගිවිසුමට අනුව ESCP යුරෝපයේ ව්‍යාපාර කොන්ෆියුසියස් ආයතනය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යෑමට නියමිතයි.

චීන ජාත්‍යන්තර රූපවාහිනිය(CGTN) විසින් සංවිධානය කරන ලද පළමු අදියරේ  ප්‍රංශ භාෂා තරඟයේ ත්‍යාග පිරිනැමීමේ උත්සවයේදී චීන උප-අගමැති Liu Yandong මහත්මිය සහ ප්‍රංශයේ විදේශ ඇමති Jean-Yves Le Drian මහතා විසින් මෙම තරඟයේ ජයග්‍රහකයා වූ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂා අංශයේ ශිෂ්‍යාව Zhang Bisiට සම්මානයක් පිරිනමන ලදී. මෙහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ප්‍රංශ භාෂා අංශයේ ශිෂ්‍යාවක් වන Zhang Shuwenට පස්වන ස්ථානයට ද  Ma Fangට  අටවන ස්ථානයට ද අයත්විණ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC