Beijing Foreign Studies University

ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ කුලපති හමිදුල්ලහ් ෆරූකි මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කිරීම

发布时间:2019-05-10

ජුනි මස දහහතරවනදින ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයේ කුලපති හමිදුල්ලහ් ෆරූකි මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කළේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති පෙන්ලුන් ෆරූකි මහතා සමග හමුවී මිත්‍ර සාකච්ඡාවක් පැවැත්වූයේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පශ්‍ටො සහ ඩාරි භාෂා පාඨමාලා ආරම්භ කිරීමට සහය ලබාදීම, ‍විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගිතා ක්ෂේත්‍රය පුළුල් කිරීම හා දියුණු කිරීම යන තේමා යටතේ පාර්ශ්ව දෙක අතර සාකාච්ඡාවක් පැවැත්වූ අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට යෙදුණි.

222-15

2012 වසරේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පශ්‍ටො භාෂා පාඨමාලාව ආරම්භ කිරීමේ අවසරය චීන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් BFSUට ලැබීමෙන් පසු 2016 වසරේ පශ්‍ටො භාෂාව තුන්වෙනි භාෂා පාඨමාලාවක් ලෙස සිසුන් හට විවෘත කොට ඇත. 2017 වසරේ ඩාරි භාෂා පාඨමාලා ආරම්භ කිරීමට චීන අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අයදුම් කිරීමට  බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සූදානම් වෙමින් සිටි. එබැවින්  පශ්‍ටො සහ ඩාරි භාෂා පාඨමාලා සහ ඇෆ්ගනිස්ථානය පිළිබඳ අධ්‍යයනයවලට සම්බන්ධ කටයුතුවලදී කාබුල් විශ්වවිද්‍යාලය සමග ඇති සහයෝගිතාව සක්‍රීය ලෙස ඉදිරියට ගෙනයාම බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තුවයි.

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ පිහිටා තිබෙන කාබුල් විශ්වවිද්‍යාලය ඇෆ්ගනිස්ථානයේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාලය වේ. 1932 වසරේ කාබූල් වෛද්‍ය විද්‍යාලය නමින් ඉදිවුනු මෙම විශ්වවිද්‍යාලය ප්‍රංශය, ජර්මනිය, රුසියාව ඇමෙරිකාව යන රටවල් සමග අත්වැල් බැඳගැනීමෙන් පසුව මේ වන විට ආසියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් බවට පත් වී ඇත.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC