Beijing Foreign Studies University

නෝර්වේ සංස්කෘතික කටයුතු ඇමති ලින්ඩා හෙලලැන්ඩ් මහත්මිය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කිරීම

发布时间:2019-05-10

挪威2

මැයි මස විසිහයවනදින නෝර්වේ සංස්කෘතික කටයුතු ඇමති ලින්ඩා හෙලලැන්ඩ් මහත්මිය (Linda Helleland) අප විශ්වවිද්‍යාලයේ නිළ සංචාරයක් සිදු කළේ ය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ උප කුලපති සුන් යෝජොං මහතා හෙලලැන්ඩ් ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම හමු විය.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මූලික තත්වය සහ නෝර්වේ භාෂා අංශය පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කළ සුන් යෝජොං මහතා සඳහන් කළේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ නෝර්වේ විශ්වවිද්‍යාල සහ අධ්‍යයන ආයතන අතර සහයෝගිතා පිහිටුවීම සම්බන්ධ කටයුතු සඳහා ඇමතිවරියගේ අනුග්‍රහය අපේක්ෂා කරන බවයි.

චීන සහ නෝර්වේ අධ්‍යාපන සහ සංස්කෘතික ක්‍ෂේත්‍රයේ වත්මන් සහයෝගිතා තත්වය හඳුන්වා දුන් හෙලලැන්ඩ් මහත්මිය, මෙවතාවේ සිය චීන සංචාරය තුළින් යහපත් ප්‍රතිඵල අත්කරගැනීමට සමත් වූ බවත් දෙරට අතර සංස්කෘතික සහ ආධ්‍යාපනික සහයෝගිතා තවදුරටත් ශක්තිමත් විය යුතු බවත්    නෝර්වේ සංස්කෘතික අමාත්‍යාංශය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට අනුග්‍රහය ලබා දී ‍නෝර්වේ අධ්‍යයන කේන්ද්‍රය පිහිටුවීමේ කටයුතුවලට හැකිතාක් සහයෝගය සපයන බවත් සඳහන් කළා ය.

හමුව අවසන් වීමෙන් අනතුරුව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නොර්වේ භාෂා හදාරන චීන සිසුන් නෝර්වේ අමුත්තන් හමුවේ ගායනාවක් ඉදිපත් කළ අතර අග්‍රාමාත්‍ය හෙලලැන්ඩ් සමග පැමිණි ලෝක ප්‍රසිද්ධ නෝර්වේ ලේඛක ජොස්ටින් ගාඩර්(Jostein Gaarder) මහතාගේ “සොෆිගේ ලෝකය (Sophie’s World)” නම් නවකතාවේ පරිච්ඡේදයක් ද චීන සිසුන් විසින් පාඨනය කරන ලදී. මීට අමතරව චීන සිසුන් අතින් නිර්මාණය කෙරුණු ජොස්ටින් ගාඩර් මහතාගේ චිත්‍රයක් ද ඔහුට පිරිනැමිණ. ‍‍ අග්‍රාමාත්‍ය හෙලලැන්ඩ් ප්‍රමුඛ කණ්ඩායම චීන සිසුන්ගේ භාෂා කුසලතාවය සහ අපූරු රඟපෑම පැසසුමට ලක් කළෝ ය.

挪威3挪威

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC