දෙසැම්බර් 15 වැනිදා, කොළඹ විශ්වවිද්යාලයේ කොන්ෆුෂියස් ආයතනයේ 2025 වසරේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම අන්තර්ජාලය ඔස්සේ සජීවී ආකාරයෙන් පැවැත්විණි. කොළඹ විශ්වවිද්යාලයේ ආචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලයේ පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ විශ්වවිද්යාලයේ උප කුලපති ජාඕ ගාං (Zhao Gang) මහතා, හොංහේ විද්යාලයේ උප කුලපති චෙන් ජියාං (Chen Jiyang) මහතා රැස්වීමට සහභාගි විය.
ජාඕ ගාං මහතා සඳහන් කළේය: 2025 වන විට කොළඹ විශ්වවිද්යාලයේ කොන්ෆුෂියාස් ආයතනය චීන භාෂාව ඉගැන්වීම, සංස්කෘතික ප්රචාරණ සහ හුවමාරු ක්ෂේත්රවල විශිෂ්ට ප්රතිඵල ලබාගෙන ඇති අතර, චීන භාෂා පාඨමාලා පද්ධතිය වැඩිදියුණු කොට, උසස් තත්ත්වයේ චීන භාෂා ඉගැන්වීමේ ආවරණය වැඩි කර ඇති අතර, සංස්කෘතික ක්රියාකාරකම් මඟින් චීන-ශ්රී ලංකා සංස්කෘතික හුවමාරුවේ පාලමක් ගොඩනැගී ඇති බවය. මෙම සාර්ථකත්වය අප විශ්වවිද්යාල තුනක අවංක සහයෝගය සහ කොන්ෆුෂියාස් ආයතනයේ කණ්ඩායමේ දැඩි උත්සාහය සඳහා හේතු වී ඇත. අනාගතයේදී, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලය හැමවිටම කොන්ෆුෂියස් ආයතන ව්යාපෘතියට සම්පූර්ණ සහය ලබා දීමට, කොළඹ විශ්වවිද්යාලය හා හොංහෙ ආයතනය සමග, “එකට සාකච්ඡා කිරීම, එකට ගොඩනැගීම, එකට බෙදා ගැනීම” සංගාතික අදහස අනුගමනය කරමින්, කොන්ෆුෂියස් ආයතන වඩාත් කාර්යක්ෂම උසස් තත්වයෙන් වර්ධනයට දායක වනු ඇත.
ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය: කොළඹ විශ්වවිද්යාලයේ කොන්ෆුෂියස් ආයතනය ආරම්භ වූ දින සිට, චීන-ශ්රී ලංකා සංස්කෘතික හුවමාරුව, චීන භාෂා අධ්යාපන සේවා ඇතුළු ක්ෂේත්රවල විශිෂ්ට දායකත්වයක් ලබා දී ඇති බවය. චීන සහ ශ්රී ලංකා රටවල් සම්බන්ධයන්, ආර්ථික, සංස්කෘතික ආදී ක්ෂේත්රවල අන්තර්ක්රියාත්මක සෑම විටම පවත්වාගෙන යයි. කොන්ෆුෂියස් ආයතනය මෙවැනි වේදිකාවකින්, චීන-ශ්රී ලංකා මිතුරන්ගේ වාණිජ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇත.
රැස්වීමට සහභාගීවූ මණ්ඩල කොන්ෆුෂියස් ආයතනයේ 2025 වර්ෂයේ කාර්ය වාර්තාව, මූල්‍ය වාර්තාව සහ 2026 වර්ෂයේ කාර්ය සැලැස්ම අසා, කොන්ෆුෂියස් ආයතනයේ වර්ධනය කිරීමේ දී මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක නිරතවිය.
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලයේ කොන්ෆුෂියස් ආයතන කාර්ය මණ්ඩලයේ උප මහා විධායක ජෙයි ජෙන්ග් (Zhai Zheng) මහතා, ආසියානු ආයතනයේ උප මහාචාර්ය ජෑං ෂියාවෝෂියාවෝ (Jiang Xiaoxiao) මහත්මිය, කොන්ෆුෂියස් ආයතනයේ සිංහල අධ්යයන අංශයේ ප්රධානී හසිනි ඩෙනාබාඩු මහත්මිය, චීන පාර්ශ්ව ප්රධානී ලේයි මින්ජෙන් (Lei Mingzhen) මහතා ආදීන් සමුළුවට සහභාගී විය.
කොළඹ විශ්වවිද්යාලයේ කොන්ෆුෂියස් ආයතනය 2016 දෙසැම්බර් 30 වැනිදා නිල වශයෙන් විවෘත විය. අවුරුදු කිහිපයක සංවර්ධනයෙන් පසු, මෙම කොන්ෆුෂියස් ආයතනය ශ්රී ලංකාවේ වැඩිම ඉගැන්වීම් මූලස්ථාන සහිත, පෘථුල ව්යාප්තියක් ඇති කොන්ෆුෂියස් ආයතනය බවට පත්ව ඇත. එය චීන සහ ශ්රී ලංකා රැකියා සංස්කෘතික හුවමාරු සහ සහයෝගීතාවයට සේවය කරන වැදගත් වේදිකාවක් වන අතර, ශ්රී ලංකාවේ දේශීය සමාජය විසින් පුළුල්ව පිළිගනු ලැබ ඇති අතර වෘත්තීය ක්ෂේත්රයෙන්ද විශාල පිළිගැනීමක් අත්පත්කරගෙන ඇත.