බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලය සහ SOAS ලන්ඩන් විශ්වවිද්යාලය අතර සහයෝගීතාව සඳහා අභිප්‍රාය ලිපියක් අත්සන් කිරීමේ උත්සවයක් අප්රේල් 9 වන දින SOAS ලන්ඩන් විශ්වවිද්යාලයේ පැවැත්විණි. බෙයිජිං උප නගරාධිපති මා ජුන් අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජාඕ ගාං සහ SOAS ලන්ඩන් විශ්වවිද්යාලයේ උප සභාපති ලෝරා හැමන්ඩ් දෙපාර්ශවය වෙනුවෙන් අභිප්‍රාය ලිපියට අත්සන් කරන ලදී.
