අප්රේල් 16 වන දින චීනයේ ස්වීඩන් තානාපති පර් ඔගස්ට්සන් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට සංචාරයක නිරතවිය.බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සභාවේ සභාපති වං දිංහුවා පර් ඔගස්ට්සන්ගේ පිරිස හමුවී සාකච්ඡා පැවැත්වූහ.දෙපාර්ශවය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ ස්වීඩනයේ විවිධ අංශ අතර සහයෝගීතාව ගැඹුරු කිරීම සහ ගුරුවරුන් සහ සිසුන් අතර හුවමාරු සහ සංචාර ප්රවර්ධනය කිරීම මෙන්ම අධ්යයන සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. රැස්වීමට පෙර, ඔගස්ට්සන් යුරෝපීය භාෂා සහ සංස්කෘතීන් පිළිබඳ පාසලට ගොස් ස්වීඩන් අංශයේ ගුරුවරුන් සහ සිසුන් සමඟ ගැඹුරු අදහස් හුවමාරු කර ගත්තේය.
