මාර්තු 25 වන දින පෘතුගාලයේ රාජ්‍ය ඇමති සහ විදේශ කටයුතු ඇමති පෝලෝ ලැන්ජෙල් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට සංචාරයක නිරතවිය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති ජ්‍යා වෙන්ජියෙන්, විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජාඕ ගාං යන අය ලැන්ජෙල්ගේ පිරිස හමුවී සාකච්ඡා පැවැත්වූහ. ලැන්ජෙල් පෘතුගාලීය භාෂාව හා සංස්කෘතිය පිළිබඳ යන තේමාව යටතේ උපදේශනයක් ඉදිරිපත් කළ අතර, එහි සිටි ගුරුවරුන් සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
