මාර්තු 22 වන දින උසස් අධ්‍යාපන ආයතනවල විදේශීය භාෂා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සංසදයේ නවවන සම්මේලනය බෙයිජිංහිදී පැවැත්විණි. සම්මේලනය අතරතුර, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාතික ගෝලීය භාෂා (සුළු භාෂා ඇතුළත්ව) සේවා වේදිකාව නිල වශයෙන් අරඹන ලදී. "එක්ව නිර්මාණය කිරීම, එක්ව ජීවත්වීම, එක්ව බෙදාගැනීම" යන මූලධර්ම යටතේ ක්‍රියාත්මක වන මෙම වේදිකාව, භාෂා සේවා වේදිකාව, භාෂා අධ්‍යාපන වේදිකාව සහ භාෂා පර්යේෂණ හා සංරක්ෂණ වේදිකාව යන ප්‍රධාන උප වේදිකා තුනකින් සමන්විත වේ.
