2024 වසරේ දෙසැම්බර් මස 30 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙහි විදේශ ගුරුවරුන් වෙනුවෙන් 2025 අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ස්ථාවර සාමාජික සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති ජාඕ ගාං (Zhao Gang) මහතා විසින් ආරම්භක දේශනය සිදු කරන ලදී. එසේ ම විශ්වවිද්යාලයේ සියලුම පීඨවල විදේශ ගුරුවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, එම පීඨවල ප්රධානීන් සහ ගුරුවරුන් සහ සිසුන් ඇතුළු 100 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම උත්සවයේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලයෙහි වසර දහයකට වැඩි කාලයක් ඉගැන්වූ විදේශ ගුරුවරුන් සිව්දෙනෙකුට ගෞරව සම්මාන ප්රදානය කරන ලදී. එහිදී ආසියා අධ්යයන පීඨයේ තායි ජාතික මහාචාර්ය චරස්රි ජිරාෆාස් (Charassri Jiraphas), ජාත්යන්තර ව්යාපාර පීඨයේ සිංගප්පූරු ජාතික මහාචාර්ය වං ඩෙහොං (Wang Dehong), ජාත්යන්තර ව්යාපාර පීඨයේ ඕස්ට්රේලියා ජාතික කථිකාචාර්ය චුන්ග් ඊතන් ෆෝබ්ස් (Chung Ethan Forbes), චීන භාෂා හා සාහිත්‍ය අධ්යයන පීඨයේ ජපන් ජාතික ආචාර්ය තකහිරෝ මට්සුඩා (Takahiro Matsuda) යන විදේශ ගුරුවරුන් සම්මානලාභී නියෝජිතයන් ලෙස දේශන ඉදිරිපත් කළහ.
ඉන් පසුව දෙස් විදෙස් ගුරුවරුන් සහ සිසුන් අපූරු සංදර්ශනයක් පැවැත්වූහ. එහිදී සියලු දෙනාම එළඹෙන නව වසර වෙනුවෙන් සුබාශිංසන හුවමාරු කර ගත්හ.
