මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපති වං දිංහුවා මහතා විසින් ඇමරිකාව, කියුබාව සහ පැනමාව යන රටවල සංචාරය කිරීමට නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීම

Updated: 2024-10-16

2024 සැප්තැම්බර් 22වන දින සිට ඔක්තෝබර් 2 වන දින දක්වා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සභාපති වං දිංහුවා මහතා විසින් ඇමරිකාව, කියුබාව සහ පැනමාව යන රටවල සංචාරයක කිරීමට නියෝජිත කණ්ඩායමක් මෙහෙයවීය. මෙම සංචාරයේදී වං දිංහුවා මහතා චීනයේ සහ ඇමරිකාවේ ඉහළම විශ්වවිද්‍යාලවල “10+10” කුලපති සංසදයට සහභාගී වූ අතර ප්‍රධාන දේශනයක් පැවැත්වීය. ඇමරිකාවේ වයඹ විශ්වවිද්‍යාලය, චිකාගෝ විශ්වවිද්‍යාලය, නිව්යෝර්ක් ස්ටෝනි බෲක් විශ්වවිද්‍යාලය, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලය, කොලොම්බියා විශ්වවිද්‍යාලය, වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලය, කියුබාවේ හවානා විශ්වවිද්‍යාලය, පැනමා විශ්වවිද්‍යාල, පැනමාවේ කොන්ෆියුසියස් ආයතනය යන ආයතනවල සංචාරය කළ අතර නිව්යෝර්ක්හි චීන කොන්සල් කාර්යාලය, ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සියේ උතුරු ඇමරිකානු ශාඛාව සහ කියුබාවේ චීන තානාපති කාර්යාලය යන ස්ථානවලට පැමිණියේය. එමෙන් ම ඔහු ඇමරිකාවේ, කියුබාවේ සහ පැනමාවේ ඉගෙනුම ලබන සහ සේවය කරන බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් හමුවීම පිණිස ගියේය.