2024 වසරේ ජුනි මස 28 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2024 වසරේ උපාධිලාභින් වෙනුවෙන් පැවති උපාධි ප්රදානෝත්සවය ක්‍රීඩාංගනයේ පැවැත්විණි. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ දෙස් විදෙස් ශාස්ත්‍රවේදි උපාධිලාභින්, ශාස්ත්‍රපති උපාධිලාභින්, ආචාර්ය උපාධිලාභින් ඇතුළු 2800කට වැඩි දෙනෙක් මෙම උත්සවයට සහභාගී වූහ.
චීනයේ මැලේසියා තානාපති Dato' Norman Muhamad මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ආදි ශිෂ්‍යයෙකු සහ Beijing Baman Tianxia Technology Co Ltd හි ප්‍රධාන විධායක නිලධාරියෙකු වන Zhang Tianyi මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පක්ෂ කමිටුවේ ලේකම් Wang Dinghua මහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති Jia Wenjian මහතා, පාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ සාමාජික සහ උප කුලපති Jia Dezhong මහතා, Sun Youzhong මහතා, Ding Hao මහතා, Zhao Gang මහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විනය පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් Hu Zhigang මහතා යන මහත්වරු මෙම උත්සවයට සහභාගී වූහ.
මෙම උත්සවයේදී Jia Wenjian මහතා විසින් “ශ්‍රේෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම සහ ලෝකය වැලඳ ගැනීම” යන මාතෘකාවේ යටතේ දේශනයක් ඉදිරිපත් කරන ලදී. එසේම Wang Dinghua මහතා උපාධිලාභි නියෝජිතයන් සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පත්වීම් පත්‍ර සහ ආදි ශිෂ්‍ය කාඩ්පත් ලබා දී ඇති අතර, 26 වන ශාස්ත්‍රපති ශිෂ්‍ය අධ්‍යාපන ආධාර කණ්ඩායමේ සාමාජිකයින්ට කණ්ඩායම් ධජය ලබා දී ඇත.