මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

“චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල 100ක සහයෝගිතා සැලැස්ම” යන තේමාව යටතේ වැඩ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීම ‌බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පැවැත්විණි

Updated: 2024-06-13

2024 මැයි 31 වන දින, “චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල 100 සහයෝගිතා සැලැස්මයන තේමාව යටතේ වැඩ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමබෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පැවැත්විය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති සහ චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සන්ධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන විධායක අධ්‍යක්ෂ Wang Dinghua, චීනයේ උසස් අධ්‍යාපන සංගමයේ උප සභාපති Zhang Daliang, ජේජියාන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති සහ චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සන්ධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන විධායක උප අධ්‍යක්ෂ Jiang Yunliang මෙම රැස්වීමට සහභාගි වී දේශන පැවැත් වූහ. අප්‍රිකානු විශ්වවිද්‍යාල සංගමයේ මහලේකම් Olusola Oyewole වීඩියෝ මගින් දේශනයක් පැවැත්විය. සාමාජික විශ්වවිද්‍යාලවල නියෝජිතවරු ඇතුළු 150කට අධික පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

හවස්වරුවේ රැස්වීමේදී, “චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල 100 සහයෝගිතා සැලැස්මසඳහා තෝරාගත් චීන විශ්වවිද්‍යාලවලින් පැමිණි පිරිස ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් ඉදිරිපත් කළහ. Wang Dinghua මහතා රැස්වීම සාරාංශ කළේ .

චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල 100 සහයෝගිතා සැලැස්මයනු 2023 ජොහැන්නස්බර්ග්හි පැවති චීන-අප්‍රිකා නායකයින්ගේ සංවාදයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින්යෝජනා කරන ලදචීන-අප්‍රිකා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සහයෝගිතා සැලැස්මක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මුලපිරීමකි. 2023 අගෝස්තු මාසයේදී, චීන-අප්‍රිකා විශ්වවිද්‍යාල සන්ධාන හුවමාරු යාන්ත්‍රණයේ චීන ලේකම් කාර්යාලය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇත. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයචීන-අප්‍රිකා විශ්වවිද්‍යාල 100 සහයෝගිතා සැලැස්මේසාමාජික විශ්වවිද්‍යාලයක් ලෙස සාර්ථකව තෝරාගෙන ඇත.

 

https://news.bfsu.edu.cn/wp-content/uploads/2024/06/2024060307055166.jpg