මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

බෙලාරුසියානු අධ්‍යාපන අමාත්‍ය Andrei Ivanets මහතා BFSU වෙත පැමිණියේය

Updated: 2024-06-13

මැයි මස 20 වෙනිදා, බෙලාරුසියානු අධ්‍යාපන අමාත්‍ය Andrei Ivanets මහතා, බෙයිජිං විදේශ භ‍ාෂා විශ්වවිද්‍යාලය නැරඹීමට නියෝජිත කණ්ඩායමක් සමඟ පැමිණියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් ජියා වෙන්ජියන් මහතා සහ පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටු සාමාජික සහ උප කුලපති ෂාඕ ගැන් මහතා, Ivanets මහතා සහ ඔහුගේ දූත පිරිස හමුවිය. චීනය සහ බෙලාරුසියාව අතර සංස්කෘතික හුවමාරුව සහ අධ්‍යාපනයේ සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශවය විසින් සාකච්ඡා පවත්වන ලදී. චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගිතා හා හුවමාරු දෙපාර්තමේන්තුවේ (දෙවන මට්ටම) උප පරීක්ෂක ෂී රූ මැතිනිය මෙම අවස්ථාවට සහභාගී වූවාය.

සාකච්ඡාවෙන් පසු, BFSU හි රුසියානු භාෂා පීඨයේ සිසුවෝ දූත පිරිස සඳහා අපූරු බෙලාරුසියානු කාව්‍ය ගායනා සහ සාම්ප්‍රදායික චීන සංගීත භාණ්ඩ ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. එසේම රුසියානු සහ බෙලාරුසියානු භාෂාව ඉගෙන ගනු ලබන (චීන)සිසුන්ගේ ඉගෙනීමේ දක්ෂතාව ද එමඟින් ප්‍රදර්ශනය විය. නියෝජිත පිරිස බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ බෙලාරුසියානු පර්යේෂණ මධ්‍යස්ථානයට ද ගියහ. එහිදී වසර ගණනාවක් පුරා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ජයග්‍රහණ බෙහෙවින් අගය කළ අතර මධ්‍යස්ථානයේ ගුරුවරුන් සහ සිසුන් සමඟ දූත පිරිස සුහදව අදහස්  හුවමාරු කර ගත්හ.

https://news.bfsu.edu.cn/wp-content/uploads/2024/05/2024052009454879.jpg