HOME > ප්‍රවෘත්ති > Content

BFSU විසින් සම-සංවිධානය කරන ලද 2023 චීන සංස්කෘතික ජාත්‍යන්තර සන්නිවේදන සංසදය

Updated: 2023-10-13

සැප්තැම්බර් මස 22 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය, චීන ජාත්‍යන්තර ප්‍රකාශන සමූහය සහ චීන සංස්කෘතික ආයතනය යන ආයතනවල සම සංවිධායකත්වයෙන් පවත්වන්නට යෙදුණ 2023 චීන සංස්කෘතික ජාත්‍යන්තර සන්නිවේදන සංසදය බෙයිජිංහිදී පැවැත්විණි.

මෙම සංසදයේ තේමාව වූයේ "ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීම් සක්‍රියව ක්‍රියාත්මක කිරීම සහ මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය හා ප්‍රගතිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම" යන්නයි. චින්තනය, සංස්කෘතිය සහ ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ ක්ෂේත්‍රවල සුප්‍රසිද්ධ දෙස් විදෙස් විශේෂඥයින් සහ වෘත්තිකයන් 400 කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති සහ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ උප සභාපති Yang Dan මහතා සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් ඉදිරිපත් කළේය.