මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2021 ගිම්හානයේ ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරය ආරම්භ විය

Updated: 2021-11-12

ජූලි මස 5වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ගිම්හාන නිවාඩුවේ ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ සමාරම්භක උත්සවය මාර්ගගතව පැවැත්විණි.

විවිධ රටවල්වලින් පැමිණි විදේශ මහාචාර්යවරු සජීවී විකාශනය සහ පටිගත කරන ලද වීඩියෝ ඔස්සේ තමන්ව හඳුන්වා දුන්හ. වාග් විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, මහජන සම්බන්ධතා, කලාපීය සංවර්ධනය, සන්නිවේදනය, සාහිත්‍යය සහ කලාව යනාදිය ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ පාඨමාලා සංවිධානය කිරීමට මෙම ගිම්හානයේදී ලොව පුරා මහාචාර්යවරුන් 13 දෙනෙකුට ආරාධනා කර ඇත. මෙම ජාත්‍යන්තර කෙටි අධ්‍යයන වාරයේ පාඨමාලා හදාරන්න තෝරා ගැනීම සඳහා දේශීය හා විදේශීය සිසුන් 181 දෙනෙක් සහභාගී වූහ.