මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2022 වසරේ වසන්ත අධ්‍යයන වාරයේ ආරම්භ වේ

Updated: 2022-03-13

පෙබරවාරි මස 23 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ 2022 වසරේ වසන්ත අධ්‍යයන වාරයේ කටයුතු ආරම්භ කිරීමේ රැස්වීම පැවැත්විණි.

පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩින්ගුවා මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ විශ්ව විද්‍යාලයේ සභාපති යැං ඩෑන් මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ විශ්ව විද්‍යාලයේ උප සභාපති ජියා වෙන්ජියන් මහතා, පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටුවේ සාමාජික සහ විශ්ව විද්‍යාලයේ උප සභාපති සන් යූෂොං මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සහ විනය කමිටුවේ ලේකම් හු ජිගන් මහතා, පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් සු දාපෙන්ග් මහතා, පක්ෂ කමිටුවේ ස්ථාවර කමිටුවේ සාමාජික සහ විශ්ව විද්‍යාලයේ උප සභාපති ඩිං හඕ මහතා, ෂාඕ ගන් මහතා මෙම රැස්වීමට සහභාගී වූහ.

වැන්ග් ඩින්ගුවා මහතා විසින් වත්මන් ජාත්‍යන්තර සහ දේශීය තත්ත්වයන් පදනම් කරගනිමින් විශ්ව විද්‍යාලයේ සංවර්ධන කටයුතු  අධ්‍යයනය කරමින් නියමනයන් ඉදිරිපත් කරමින් 2022 වසරේදී උපරීම ශක්තියෙන් යුතුව කටයුතු කරමින් සරසවියේ දියුණුව සඳහා නිශ්චිත අවශ්‍යතා ප්‍රකාශ කරන ලදී. යැං ඩෑන් මහතා විසින් "රට උදෙසා විශාල හදක් ඇත්තන් සහ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ සමාජ සේවා නව රටාවක් ගොඩනඟනු ලබයි" මැයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර, නව තත්වය යටතේ බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ සමාජ සේවා පිළිබඳ නව රටාවක් ගොඩනැගීමේ අවශ්‍යතාවය පිළිබඳව පුළුල් විග්‍රහයක් ද සිදු කරන ලදී.