මුල් පිටුව > ප්‍රවෘත්ති > Content

අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු කාර්යාල ඉදිකිරීම උදෙසා අත්හදා බැලීමේ මධ්‍යස්ථාන 5ක් සඳහා BFSU වෙත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දීම

Updated: 2022-03-13

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ වෙනුවෙන් කාර්යාල ඉදිකිරීමට අත්හදා බැලීමේ ස්ථාන පිළිබඳව පළමු කාණ්ඩයේ ලැයිස්තුව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලදී. විවිධ ප්‍රදේශයන්හි විවිධ විශ්ව විද්‍යාල සහ ඉගැන්වීමේ මෙහෙයුම් කමිටු විසින් තෝරා ගැනීම සහ නිර්දේශ කිරීමෙන් පසුව, දීප ව්‍යාප්ත ව ඊට අදාළ ස්ථාන 439ක් අනුමත කරන ලදී. ඒ අතරින් අතත්‍ය ඉගැන්වීම් සහ පර්යේෂණ කාර්යාල 5ක් සඳහා බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය වෙත අනුමැතිය ලබා දී තිබේ. එනම් පාඨමාලා ඉගැන්වීම් කාර්යාල 2ක් සහ ඉගැන්වීම් පර්යේෂණ ප්‍රතිසංස්කරණ කාර්යාල 3ක් වශයෙනි.