මාර්තු මස 20 වන දින ජාත්‍යන්තර ප්‍රංශ භාෂා දිනය සැමරීමේ උත්සවය චීනයේ ප්‍රංශ තානාපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්විණි. ප්‍රංශ අධ්‍යාපනයේ දියුණුව සහ ප්‍රංශ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ ප්‍රංශ භාෂා හා සංස්කෘතික පීඨාධිපති මහාචාර්ය ඩයි ඩොංමේ මැතිණියගේ දායකත්වය අගයමින් ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ මැතිණිය වෙත ප්‍රංශ ජනරජයේ ශාස්ත්‍රීය පාම් ඩි ඕර් හි නයිට් සම්මානය ප්රදානය කරන ලදී. චීනයේ නව ප්‍රංශ තානාපති බර්ට්‍රන්ඩ් ලෝර්තෝලරි මහතා විසින් ඩයි ඩොංමෙයි මැතිණියට එම සම්මානය ප්රදානය කරන ලදී.