මාර්තු මස 23 වෙනිදා බෙලාරුසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සභාපති අන්දරේ කැරොල් මහතාගේ නායකත්වය යටතේ දූත පිරිසක් බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයට පැමිණියෝය. බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයෙහි සභාපති සහ පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම් යැං ඩෑන් මහතා කැරොල් හමුවූ අතර එහිදී දෙපාර්ශවය එක්ව "බෙහිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලය සහ බෙලාරුසියානු රාජ්‍ය විශ්ව විද්‍යාලය අතර ශිෂ්‍ය හුවමාරු ගිවිසුම" අත්සන් කළහ.