අප්‍රේල් මස 9දින, ටිබෙටයේ සමාජ විද්‍යා පර්යේෂණ සඳහා ප්‍රධාන සහ මූලික ව්‍යාපෘතිය වූ “චීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂය” බෙයිජිං හි චීන ටිබෙටොලොජි පර්යේෂණ මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ වාණිජ මුද්‍රණාලය විසින් පවත්වන ලදී.
“චීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂය” යනු චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන දෙපාර්තමේන්තුවේ අටවැනි කණ්ඩායමේ ටිබෙට් ආධාර කාඩරය, BFSU හි පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ කුලපති වූ Yang Dan මහතාගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද සහ ටිබෙට් විශ්ව විද්‍යාලය, බෙයිජිං විශ්ව විද්‍යාලය, නිරිතදිග මූල්‍ය හා ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලය ආදි විශ්ව විද්‍යාලවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කරන ලද මහා පරිමාණ ශබ්ද කෝෂ ව්‍යාපෘතියකි. එය ටිබෙටයේ සමාජ විද්‍යා පර්යේෂණ සඳහා වන ප්‍රධාන සහ මූලික ව්‍යාපෘතියකි. මෙම ශබ්දකෝෂය ප්‍රථම වරට චීන, ටිබෙට් සහ ඉංග්‍රීසි ත්‍රෛභාෂා ආකාරයෙන් සම්පාදනය කරන ලද පුළුල් සමාජ විද්‍යා ශබ්දකෝෂයකි. මෙයින් වාග් විද්‍යාව, කලාව, පුරාවිද්‍යාව සහ වෙනත් විෂයයන් පිළිබඳ බොහෝ වචන සහ වාක්‍ය ඛණ්ඩ ප්‍රථම වරට ක්‍රමානුකූලව වර්ග කර ටිබෙට් භාෂාවට පරිවර්තනය කර ඇති. එබැවන් මේවාට පෙරළිකාර ශාස්ත්‍රීය වටිනාකමක් ඇත. ශබ්දකෝෂයේ වෙළුම් 21 ක් ඇති අතර වචන සහ වාක්‍ය ඛණ්ඩ 45,000 කට වඩා අඩංගු වේ.