HOME > ශාස්ත්‍රීය කටයුතු > අධ්‍යයන ආයතන

ආසියා අධ්‍යයන පීඨය

Updated: 2021-08-19


非洲学院(1).jpg

ආසියා අධ්යයන පීඨය කලින් හඳුන්වනු ලැබුවේ ආසියා සහ අප්රිකා භාෂා පීඨය යනුවෙනි. එය 1961 දී ආරම්භ කෙරුණු ආසියා අධ්යයන පීඨය යනු වැඩිම ආසියාතික භාෂා උගන්වනු ලබන සහ චීනයේ විදේශ භාෂා විශ්ව විද්යාල අතර දීර්ඝතම ඉතිහාසයක් ඇති පීඨවලින් එකකි. ආසියා අධ්යයන පීඨයේ දැනට භාෂා විෂයයන් 30ක් තිබෙන අතර, ඉන් විෂයයන් 22ක් (භාෂා 23ක් ඇතුළුව) පවත්වාගෙන යනු ලැබේ. කොරියානු, මැලේ, සිංහල, තායි, තුර්කි, පර්සියානු, කාම්බෝජ, ලාඕ, බුරුම, හින්දි, වියට්නාම, ඉන්දුනීසියානු, බෙංගාලි, සංස්කෘත සහ පාලි ඇතුළු විෂයයන් 14ක් ජාතික පළමු පන්තියේ උපාධි විෂයයන් බවට පත් වී ඇත. එමෙන් පිලිපීන, මොන්ගෝලියානු, නේපාල, උර්දු, හෙබ්රෙව් සහ ආර්මේනියානු භාෂා යන විෂයයන් 6ක් බෙයිජිංහි පළමු පන්තියේ උපාධි විෂයයන් බවට පත් වී ඇත. විශිෂ්ට ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වන මෙම පීඨයේ විවිධ ආසියානු රටවල සංස්කෘතික හා අධ්යාපන විශේෂඥයෝ ජාත්යන්තර සබඳතා, නීතිය සහ ඉතිහාසය යන ක්ෂේත්රවල ප්රවීණයෝ ස්ථීර හා තාවකාලික පදනම මත සේවය කරති.

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්යාලයේ සිංහල අංශය ආරම්භ වුනේ 1961කේදී. චීනයේ පළමුවෙනි සිංහල අංශය වන මෙම අංශය පසුගිය වසර 60 තුළ සිංහල කුසලතා සහිත සිසුන් බිහි කරන්නට කැපවීමෙන් කටයුතු කොට තිබේ. දැනට සිංහල අංශයේ සෑම වසර දෙකකට වරක් BA උපාධිය සඳහා සිසුන් පිරිසක් බඳවාගන්නවා. ඊට අමතරව MA උපාධි මාඨමාලාවක් තිබෙනවා. 2019දී සිංහල අංශය චීනයේ ජාතික ගනයේ විශ්වවිද්යාල අංශ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් විය. සිංහල අංශයේ දැනට ගුරුවරු හතරදෙනෙක් ඉන්නවා. ඔවුන් අතර මහාචාර්යවරයෙකුයි, උප මහාචාර්යවරු දෙන්නෙකුයි ලංකාවේ ගුරුවරයෙකුයි ඉන්නවා. සිංහල ඇසීම, කතා කිරීම, කියවීම, ලිවීම, පරිවර්තනය කිරීම යන මූලික විදේශ භාෂා හැකියාවන් පුහුණු කරන පාඨමාලා අප සිසුන්ට ලබාදෙනවා. ඊට අමතරව, ශ්රී ලංකා සාහිත්යය, ඉතිහාසය, සමාජය, සිංහල භාෂාවෙන් චීන සංස්කෘතිය හඳුන්වාදීම යන උසස් පාඨමාලා තිබෙනවා. සිංහල උපාධිදාරියෝ ප්රධාන වශයෙන් රාජ්යතාන්ත්රික, මාධ්, අධ්යාපන, වෙළඳ යන ක්ෂේත්රවල රැකියා කරනවා. සමහරු ඉතා ප්රසිද්ධ දේශීය හා විදේශීය විශ්වවිද්යාලවලට ගොස් දකුණු ආසියා අධ්යයනයට සම්බන්ධ උපාධි හදාරනවා. අතර Qinghua,  Hongkong, Columbia, Oxford යන විශ්වවිද්යාල ඇතුළත් වේ.