HOME > ප්‍රවෘත්ති > Content

යුරෝපීය කොමිසමේ නවෝත්පාදනය, පර්යේෂණය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ යෞවනයන් පිළිබඳ කොමසාරිස් Iliana Ivanova බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණීම

Updated: 2024-05-08

මාර්තු 30 වෙනිදා පස්වරුවේ, බෙයිජිං හි පැවති චීන-යුරෝපීය සංගමයේ ඉහළ මට්ටමේ සංස්කෘතික සංවාදයේ හයවැනි රැස්වීමට සහභාගී වීම සඳහා යුරෝපීය කොමිසමේ නවෝත්පාදනය, පර්යේෂණය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ යෞවනයන් පිළිබඳ කොමසාරිස් Iliana Ivanova බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේය. චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලන මණ්ඩලයේ සාමාජික සහ උප අමාත්‍ය Chen Jie, ජාත්‍යන්තර සහයෝගිතා හා විනිම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  Yang Dan සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති  Wang Dinghua යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති වන Jia Wenjian මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පිළිගැනීමේ උත්සවය පැවැත්විණි.

පිළිගැනීමේ උත්සවයේදී, උප ඇමති Chen Jie විසින් කොමසාරිස් Iliana Ivanova, චීනයේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී  Tuo Yaohui සහ යුරෝපීය සංගමයේ අධ්‍යාපන සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  Pia Arenkeld-Hansen යන මහත්වරුන් වෙත බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය මගින් පරිවර්තනය කොට, සංස්කරණය කර ප්‍රකාශයට පත් කරන ලද "Dream of Red Mansions" (බල්ගේරියානු අනුවාදය), "Insights into Chinese Culture" (ස්පාඤ්ඤ අනුවාදය) සහ "Introduction to Danish Spoken Language" යන පොත් තිළිණ වශයෙන් ප්‍රදානය කරන ලදී. Wang Dinghua සහ කොමසාරිස් Iliana Ivanova යන මහත්වරු පිළිවෙළින් දේශන පැවැත් වූහ.

පිළිගැනීමේ උත්සවයෙන් පසුව, කොමසාරිස් Iliana Ivanova ඇතුළු දූත පිරිස සමඟ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ යුරෝපීය භාෂා සහ සංස්කෘතික පීඨයේ බල්ගේරියානු ඉගැන්වීම් හා පර්යේෂණ අංශයට පැමිණ බල්ගේරියානු භාෂාව සහ අනෙකුත් යුරෝපා සංගමයේ භාෂා විෂයයන් පිළිබඳව විමසූහ. අනතුරුව දූත පිරිස 2015 වසරේ නිම කරන ලද චීනය සහ යුරෝපය අතර මිත්‍රශීලී හුවමාරුවෙහි සංකේතයන්  ලෙස සලකන ලද චීන-යුරෝපා මිත්‍රත්ව උද්‍යානය නැරඹීමට ගියහ.