HOME > ප්‍රවෘත්ති > Content

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයේ කුලපති ඇඩම් හබීබ් මහතා BFSU වෙත පැමිණීම

Updated: 2024-03-25

මාර්තු මස 12 වන දින, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යයන ආයතනයේ (SOAS) කුලපති ඇඩම් හබීබ් මහතා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට පැමිණියේය. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා, එම විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ උප කුලපති Jia Wenjian මහතා හබීබ් ප්‍රමුඛ දූත පිරිස හමු වූහ.

මෙම අවස්ථාවේදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ විවිධ විෂයන් සංවර්ධනය සහ ජාත්‍යන්තර හුවමාරු පිළිබඳ අදාළ තත්ත්වය Wang Dinghua මහතා හඳුන්වා දුන්නේය. මෙම රැස්වීමෙන් පසුව සමුපකාර අධ්‍යාපනය, ඒකාබද්ධ පුහුණුව සහ ඒකාබද්ධ විද්‍යාත්මක පර්යේෂණ වැනි ක්ෂේත්‍ර මඟින් මෙම විශ්වවිද්‍යාල දෙක අතර සහයෝගීතාව ඉහළ නැංවීමට හැකි වනු බව ඔහු ප්‍රකාශ කළේය.

හබීබ් මහතා SOAS පිළිබඳ මූලික තත්ත්වය හඳුන්වා දුන් අතර, ඉගැන්වීම් සහ පර්යේෂණ කටයුතු පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් තරුණ පුහුණුව සහ සංවර්ධනය සඳහා නව්‍ය මාර්ග ගවේෂණය කිරීමට BFSU සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියට යෑමට SOAS කැමැත්තෙන් සිටින බවත් ප්‍රකාශ කළේය.

ඉන් පසුව, විශ්වවිද්‍යාල දෙක වෙනුවෙන් Wang Dinghua මහතා සහ හබීබ් මහතා ශාස්ත්‍රපති උපාධි සහයෝගිතා ව්‍යාපෘති ගිවිසුමකට අත්සන් තැබූහ.