HOME > ප්‍රවෘත්ති > Content

2024 වසන්ත කාලයෙහි ආරම්භ වන අධ්‍යායන වාරයෙහි BFSU හි පර්යේෂණ කටයුතු හා එහි ක්‍රියා මාර්ග

Updated: 2024-03-25

2024 පෙබරවාරි මස 28 වන දින බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2024 වසන්ත කාලයෙහි ආරම්භ වන අධ්‍යායන වාරයෙහි අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ හදුන්වා දීමේ රැස්වීම අරාබි භාෂා ගොඩනැගිල්ලේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීණ.

BFSU පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ඩිංගුවා මහතා පැති දහයකින් 2024 වර්ෂයෙහි සිදු කළ යුතු කාර්ය පුළුල් ලෙස හදුන්වා දීම සිදු කළේය. පළමු වැන්න වන්නේ ඇගයීම් මගින් ඉදිකිරීම් ප්‍රවර්ධනය කරන උපාධ් ඇගයීමට ලක් කිරීමයි. දෙවැන්න විනය ගොඩනැගීම සඳහා දිගුකාලීන සැලසුම් කිරීමයි. තෙවනුව "ද්විත්ව පළමු පන්තියේ" ඉදිකිරීම්වල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමයි. සිව්වැන්න පක්ෂය ගොඩනැගීමේදී මතවාදී සහ දේශපාලන ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමයි. පස්වැන්න සදාචාරය, බුද්ධිමය, ශාරීරික, කලාත්මක සහ ශ්‍රමය යන අංශ පහෙන් කුසලතා වර්ධනය කර ගැනීමයි. හයවනුව,දක්ෂතා ගබඩා කිරීම සඳහා දක්ෂ කණ්ඩායම තෝරා ගනු ලැබේ. හත්වනුව, සංවිධානය ප්‍රශස්ත කිරීම සහ සම්පත් ඒකාබද්ධ කිරීමයි. අටවැන්න විශ්වවිද්‍යාලයේ පාලනය දියුණු කර ප්‍රවීණ අයගෙන් ඉගෙනුම ලබාගැනීමයි. නවවැන්න, චීනය සහ විදේශ රටවල් අතර සම්බන්ධය ශක්තිමත් කිරීමයි. දසවැන්න ආරක්ෂාව තහවුරු කරගෙන ඉදිරියට යාමයි.

ජාත්‍යන්තර සම්බන්ධතා සහ සහයෝගීතාව සම්බන්ධයෙන් ගත් කල, අධ්‍යාපනය විවෘත කිරීමට සක්‍රියව සහයෝගය දැක්වීම සහ "ගෙන ඒම" සහ "පිටතට යාම" යන ප්‍රධාන උපාය දෙක සම්බන්ධීකරණය කිරීම අවශ්‍ය බව වැන්ග් ඩින්ගුවා පෙන්වා දුන්නේය. විදේශීය සහයෝගීතාව සඳහා නව අපේක්ෂාවන් තවදුරටත් පුළුල් කිරීම සහ QS විසින් ශ්‍රේණිගත කර ඇති ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල 200 සහ පොදු භාෂා නොවන රටවල පළමු පන්තියේ විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යාම ඔහු පෙන්වා දුන්නේය. චීනයේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, චීන සහ විදේශීය සිසුන් සඳහා "බදවාගැනීම්‍‍‍, ‍පුහුණු සහ රැකියා" යන වැඩ පිළිවෙලක් ගොඩනැගීම සම්බන්ධීකරණය කිරීම, චීනයේ අධ්‍යාපනය සඳහා යාන්ත්‍රණය ගොඩනැගීම සහ බඳවා ගැනීමේ කළමනාකරණ ආකෘතිය නවීකරණය කිරීම, BFSU අධ්‍යාපනයේ ප්‍රතිරූපය ඉහළ නැංවීම ඔහු ඉදිරිපත් කළේය.

新闻配图、标题图