HOME > ප්‍රවෘත්ති > Content

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2023 වසරේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය පැවැත්වීම

Updated: 2023-09-21

2023 සැප්තැම්බර් මස 4 වන දන, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ 2023 වසරේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය නැගෙනහිර මණ්ඩපයේ ක්‍රීඩා පිටියේ දී ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. නවක සිසුන් 3267 දෙනෙක් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයට එකතු වී නව ජීවන ගමනක් ආරම්භ කළහ.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති Wang Dinghua මහතා, පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති Yang Dan මහතා සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන් ජාත්‍යන්තර දෙපාර්තමේන්තුව, CPC මධ්‍යම කාරක සභාවේ හිටපු උප ඇමති Ai Ping මහතා ආදි සුවිශේෂී අමුත්තෝ මෙම උත්සවයට සහභාගී වූහ.

එම අවස්ථාවේදී Yang Dan මහතාදේශප්‍රේමී, වෘත්තීය මෙන් අලංකාර BFSU සාමාජිකයෙකු වීමයන මැයෙන් දේශනයක් පැවැත්වීය. Wang Dinghua මහතා නවකයන්ගේ නියෝජිතයන් සඳහා විශ්ව විද්‍යාල ලාංඡන පැළඳ සිටි අතර කැම්පස් කාඩ්පත් නිකුත් කළේ . සියලු නවකයන් විශ්වවිද්‍යාල ලාංඡනය පැළඳා නිල වශයෙන්BFSU සාමාජිකයෙක්බවට පත්වූහ.