HOME > ප්‍රවෘත්ති > Content

ආසියන්(ASEAN) සංගමයට අයිති රටවල් දහයේ නිළ භාෂා පාඨමාලා බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීම

Updated: 2019-05-10

2017 වසරේ දෙවන අධ්‍යයනවාරයේ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පිලිපීන භාෂා පාඨමාලාව ප්‍රථම වතාවට ශාස්ත්‍රවේදි අපේක්ෂකයන්ට ලබා දීම ආරම්භ විය. පිලිපීන භාෂා අංශයේ ආචාර්යවරු දෙදෙනා පිලිපීන භාෂා සහ සාහිත්‍ය පිළිබඳ දර්ශන විශාරද උපාධිය ලැබූ උගතුන් වන අතර පිලිපීන භාෂා පාඨමාලා ආරම්භ වීම තුළින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ චීනයේ ප්‍රථම වතාවට ආසියන්(ASEAN) සංගමයට අයිති රටවල් දහයේ සියළු නිළ භාෂා හැදෑරීමට සිසුන්ට අවස්ථාවක් ලබා දී තිබේ. මෙම භාෂා දහය පිළිවෙළින් වියට්නාම්, කාම්බෝජ, ලාඕ, තායි, මියැන්මාර්, ඉන්දුනිසියා, මැලේසියා, පිලිපීන යන භාෂා ය. ඊට අමතරව, ජාවා භාෂාව සහ පාලි-සංස්කෘත භාෂා යන අතිරේක පාඨමාලා ද ඇත.