HOME > ප්‍රවෘත්ති > Content

පළමු ජාතික විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ පිළිබද සම්මන්ත්‍රණය, විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ සමුළුව සහ සූදානම් කිරීමේ රැස්වීම පැවැත්වේ

Updated: 2022-12-15

නොවැම්බර් මස 26 සිට 27 දක්වා පළමු ජාතික විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ පිළිබද සම්මන්ත්‍රණය, විදේශ භාෂා පෙළපොත් පර්යේෂණ සමුළුව සහ සූදානම් කිරීමේ රැස්වීම පැවැත්වේ. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ “විදේශ භාෂා පෙළපොත් පිළිබඳ පර්යේෂණ: ගෝලීය ඉදිරිදර්ශනය සහ දේශීය නවෝත්පාදනය” යන්නයි. මෙම සම්මන්ත්‍රණය හරහා, විදේශ භාෂා අධ්‍යාපන විශේෂඥයින් සහ විද්වතුන් 10,000 කට ආසන්න පිරිසක් නව යුගයේ විදේශ භාෂා පෙළපොත් පිළිබද පර්යේෂණ දිශානතිය සහ මාර්ගය සාකච්ඡා කළ අතර චීන ලක්ෂණ සහිත විදේශ භාෂා පෙළපොත් පද්ධතිය ගොඩනැගීම සහ නව්‍යකරණය ප්‍රවර්ධනය කළහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙළපොත් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වන Chen Mao,‌බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ සභාපති වන Wang Dinghua සහ ඉංග්‍රීසි හා චීන සංසන්දනාත්මක අධ්‍යයන සංගමයේ සභාපති වන Luo Xuanmin යන මහත්මමහත්මීන් සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ ස්ථාවර කාරක සභාවේ සාමාජික සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති Sun Youzhong මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණය ප්‍රධාන වාර්තාව, තේමාත්මක වාර්තාව සහ කණ්ඩායම් කථාව යන කොටස් තුනකින් සමන්විත විය. දේශීය හා විදේශීය විශේෂඥයින් සහ විද්වතුන් විශ්ව විද්‍යාල,මධ්‍යම පාසල්,ප්‍රාථමික පාසල් සහ වෘත්තීන් සඳහා විදේශීය භාෂා පෙළපොත් සම්පාදනය,විශ්ලේෂණය,භාවිතය සහ ඇගයීම,පෙළපොත් පිළිබඳ සංස්කෘතික හා දේශපාලන පර්යේෂණ,“සමකාලීන චීනය අවබෝධ කර ගැනීම” මාලාවේ පෙළපොත් භාවිතය පිළිබඳ පර්යේෂණ, විදේශ භාෂා පෙළපොත් පිළිබඳ පර්යේෂණ, නව ආකාර සහිත විදේශීය භාෂා ‌පෙළපොත් පිළිබඳ පර්යේෂණ සහ විදේශ භාෂා පෙළපොත් සහ ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් බෙදා ගත්හ.