විශේෂ කාර්යයන් සඳහා වන ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පීඨය ස්ථාපිත කෙරුණේ 2008 වර්ෂයේදීය. මෙම පීඨය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා විෂය අධ්‍යයනය නොකෙරෙන පීඨවල සරසවි සිසු සිසුවියන් සහ පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් පහසුකම් සලසයි. ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය පිළිබඳ දෙවැනි උපාධිය හැදෑරීම සඳහා මෙහිදී අවස්ථාව ලැබෙයි. විශ්ව විද්‍යාලයේ සමස්ත සිසු සිසුවියන්ගේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ද මෙම පීඨයට පැවරී තිබේ. විශ්ව විද්‍යාල ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය සහ විශේෂ අරමුණු සඳහා වන ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ ද මෙහි සිදු වෙයි. ඉංග්‍රීසි භාෂා සංස්කෘතික අධ්‍යයනය ශක්තිමත් කිරීමට ද බහුවිධ නිපුණතා සහිත ප්‍රවීණයන් බිහි කිරීම සඳහා වන විශේෂ ලක්ෂිත අධ්‍යයන සඳහා ද අවධානය යොමු වී තිබේ.
විශ්ව විද්‍යාලයේ සිසු සිදුවියන් 2000 දෙනෙකු වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය පිළිබඳ දෙවැනි සරසවි උපාධි අධ්‍යයනය මෙම පීඨය භාර ගනී. පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකවන් 500 දෙනෙකුගේ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා අධ්‍යයනය ද භාර ගැනේ. වසර 2016 සැප්තැම්බර් මාසයේ සිට පරිවර්තනය පිළිබඳ පශ්චාත් උපාධි අපේක්ෂක අපේකෂිකාවන් බඳවා ගැනීම ද ආරම්භ කෙරේ.
සුළු පරිමාණයේ පන්ති පවත්වමින් ජාත්‍යන්තර දෘශ්ටිකෝණයක සිට අධ්‍යයනය කිරීම මෙම පීඨයේ විශේෂත්වයකි. මෙම පීඨය ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයට අදාළ සවන්දීම, කථා ව්‍යවහාරය, කියවීම, ලිවීම පිළිබඳ පන්ති වාර පවත්වයි. අන්තර්-සංස්කෘතික සංනිවේදනය, විශේෂ අරමුණු සඳහා වන ඉංග්‍රීසි භාෂාව, භාෂාව හා පරිවර්තනය, සාහිත්‍යය හා සංස්කෘතිය යන ක්ෂේත්‍ර හතර පිළිබඳ පන්ති වාර ද පැවැත්වෙයි.
විශේෂ කාර්යයන් සඳහා වන ඉංග්‍රීසි භාෂා අධ්‍යයන පීඨයේ කාර්ය මණ්ඩලයේ 52 දෙනෙක් සිටිති. ඉන් 50 දෙනෙක් ගුරුවරුන්ය. මහචාර්යවරුන් තිදෙනෙකි. උප මහචාර්යවරුන් 15 දෙනෙකි. ආචාර්ය උපාධි ලාභින්ගේ සංඛ්‍යාව 15කි.
මෙම පීඨය ඇමෙරිකාවේ වොෂින්ටන් ස්කාගිට් නිම්න විශ්ව විද්‍යාලය (Skagit Valley College) සමග වාර්ෂිකව බාහිර කථිකාචාර්යවරුන් හුවමාරු කර ගනී. ඇමෙරිකාවේ කැන්සාස් විශ්ව විද්‍යාලය (University of Kansas) සහ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය (University of Cambridge) සමග සහයෝගිතා ද පවත්වයි.