Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ හැඳින්වීමක්
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ හැඳින්වීමක්
දත්ත
වර්තමාන නායකත්වය

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය පිළිබඳ හැඳින්වීමක්

2019年04月15日


බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය බෙයිජිං නගරයේ හයිඩියෙන් දිස්ත්‍රික්කයේ බටහිර තුන්වැනි වටරවුම් පාරෙහි උතුරු කොට‍සේ පිහිටා ඇත. මෙම විශ්වවිද්‍යාලය බටහිර මණ්ඩපය හා නැගෙනහිර මණ්ඩපය වශයෙන් තුන්වැනි වටරවුම් පාරෙන් කොටස් දෙකකට බෙදී ඇත. මෙම විශ්වවිද්‍යාලය චීන අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ඇති ඉතාම උසස් විශ්වවිද්‍යාලය වන අතර එය ජාතික ව්‍යාපෘති අංක 985 හා 211 යටතේ පෙළ ගස්සවන ලද ඉහළම විශ්වවිද්‍යාල අතුරින් එකකි. දනට බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය චීනයේ දීර්ඝ ඉතිහාසයක් සහිත, වැඩිම භාෂා ගණනාවක් උගන්වන හා විවිධ මට්ටමින් අධ්‍යයන කාර්යයන්හි නිරත විදේශ භාෂා විශ්වවිද්‍යාලයකි.

චීනයේ එවක පැවති ජපන් විරෝධී යුද්ධමය සහ දේශපාලන විශ්වවිද්‍යාලයේ තුන්වන මණ්ඩපයේ රුසියන් භාෂා කණ්ඩායම ලෙස 1941දී මෙම විශ්වවිද්‍යාලය ආරම්භ විය. පසුව එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඍජු නායගත්වය යටතේ යැන් අන් විදේශ භාෂා විද්‍යාලය ලෙස නම් කරන ලදි. නව චීනය පිහිටුවීමෙන් පසු එය විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණය යටතට පත් කෙරිණි. 1954දී එය බෙයිජිං විදේශ භාෂා ආයතනය ලෙස නම් කරන ලද අතර 1959දී බෙයිජිං රුසියන් ආයතනය සමඟ ඒකාබද්ධ වීමෙන් අනතුරුව නව බෙයිජිං විදේශ භාෂා ආයතනය බිහි විය. 1980 සිට මෙම ආයතනය අධ්‍යාපන ආමාත්‍යංශයේ නායකත්වය යටතේ පැවතිණ.1994සිට එය නිල වශයෙන් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය ලෙස නම් කෙරිණ. අද වන විට මෙහි විදේශ භාෂා 98ක් උගන්වනු ලැබේ. එසේම මෙහි විදේශ භාෂා හා සාහිත්‍යය, චීන භාෂාව හා සාහිත්‍යය, ජන සන්නිවේදනය හා ජනමාධ්‍ය, දේශපාලන විද්‍යාව, නීතිය, කළමනාකරණ හා ඉංජිනේරු විද්‍යාව ආදි විෂයයන් පිළිබඳ දර්ශන විශාරද උපාධිය ප්‍රදානය කිරීම සඳහා බලය ඇත.

පසුගිය  වසර 74ක කාලසීමාව තුළ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය රට සංවර්ධනය චීමට අවශ්‍ය දෑ හඳුනාගෙන විදේශ භාෂාවන් කේන්ද්‍රගත කොට ගෙන අර්ථවත් සුවිශේෂී අධ්‍යාපන ක්‍රමවේදවලට අනුගත ව මැනවින් සිදු කිරීම මෙහි අධ්‍යාපනික සංකල්පය වන අතර අර්ථවත් සියල්ලෙන් ම පිරිපුන් දැනුමින් පෝෂණය වූ ක්‍රියාකාරි මානවයින් බිහි කිරීම මෙහි ආදර්ශ පාඨයයි. එම නිසා මෙම විශ්වවිද්‍යාලය විදේශ කටයුතු නිලධාරින්, භාෂා පරිවර්තකයින්, ආර්ථික හා වෙළඳ කටයුතු නිලධාරින්, මාධ්‍යවේදින්, නීතිවේදින්, මූල්‍ය ආයතන නිලධාරින් ආදී සුධීමතුන් නිර්මාණය කිරීමේ වැදගත් කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත. දැනට අනූදාහකට වැඩි පිරිසක් මෙම විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ඇත. නිදසුනක් වශෙයන් විදේශ කටයුතු අමාත්‍යංශය ගතහොත් ඒහි අසම්පූර්ණ සංඛ්‍යාලේඛනවලට අනුව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ උපාධිධාරින් අතරින් තානාපතිවරුන් ලෙස 400කට වැඩි පිරිසක් ද ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු නිලධාරින් ලෙස 1000කට වැඩි පිරිසක් ද මේ වන විට කර ඇත. එබැවින් බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය චීන විදේශ කටයුතු නිලධාරින්ගේ තොටිල්ල යනුවෙන් ප්‍රසිද්ධ වී තිබේ.




ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC