Beijing Foreign Studies University

නීති පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්විද්‍යාලයේ නීතිපීඨයේ පුරෝගාමි ආයතනය වන්නේ ඉංග්‍රීසි භාෂාව හා ජාත්‍යන්තර අධ්‍යයන පීඨය යටතේ පැවතුණ නීති පිළිබඳ අධ්‍යයන අංශයයි. 2001දී සිසුන් බඳවා ගැනීම ආරම්භ කරන ලද අතර 2006 දී මෙය නිල වශයෙන් නීති පීඨය ලෙස ප්‍රකාශයට පත් විය. වර්තමානයේදී මෙම පීඨයේ පූර්ණ කාලීන ව සේවය කරන ආචාර්යවරුන් 35කුගෙන් සමන්විත වේ. මින් ආචාර්ය උපාධි ලත් 33ක් ද විදේශ අධ්‍යාපන ඇති ආචාර්යවරුන් 32ක් ද සිටිති. දැනට ප්‍රථම උපාධි අපේක්ෂකයින් 228ක් ද ශාස්ත්‍රපති උපාධි අපේක්ෂකයින් 105ක් ද විවිධ විදේශ භාෂා හදාරමින් සිටින නීතිය සිය දෙවෙනි ප්‍රධාන විෂය ලෙස තෝරාගත් ප්‍රථම උපාධි අපේක්ෂකයින් 78ක් ද බඳවා ගෙන ඇත. මෙම නීති පීඨය ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය, ජාත්‍යන්තර නීතිය, බුද්ධිමය දේපළ නීතිය, සිවිල් හා ව්‍යාපාර නීතිය, ජාත්‍යන්තර අධිකරණ හා නීති ක්‍රියාත්මක කිරීම යන ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ප්‍රදානය කරයි. චීන ජාතික දේශපාලන උපදේශක සමුළුවේ හිටපු උප සභාපති මහාචාර්ය ලූ හො චයි මහතා මෙහි ගරු සභාපති ලෙස ද චීන ජාතික මහජන සමුළුවේ ස්ථාවර කමිටුවේ උප සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු නියෝජ්‍ය මහේස්ත්‍රාත් වාන් අර් ෂියැං විනිසුරුතුමා මෙහි ප්‍රධාන මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි.

මෙම පීඨයේ පාඨමාලා මගින් චීන නීතිය ( ද්විභාෂා ), පොදු නීතිය (ඉංග්‍රීසි භාෂා), බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු භාෂාව හා සංස්කෘතිය, ව්‍යාපාර යන පාඨමාලා ආවරණය කරයි. වසර හතරක අධ්‍යයන කාලයකින් පසුව සිසුන්ට චීන නීති පද්ධතිය මෙන් ම පොදු නීතිය පිළිබඳ මූලික දැනුමක් ලැබෙන අතර ව්‍යාපාර නීතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට හැකියාව ද ලැබේ.

කොළොම්බියාවිශ්වවිද්‍යාලයේ නීති පීඨය, නිව්යෝර්ක්විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කෝනේල් විශ්වවිද්‍යාලයේ නීති පීඨය, ජෝර්ජ් ටවුන්විශ්වවිද්‍යාලයේ නීති පීඨය, පෙන්සිල්වේනියාවිශ්වවිද්‍යාලයේ නීති පීඨය, ඔක්ස්ෆෝඩ්බ්‍රෑකර්ස් විශ්වවිද්‍යාලයේ නීති පීඨය, ලන්ඩන් ආර්ථික සහ දේශපාලන විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශය, ඕස්ට්‍රෙලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨය, මෙල්බෝන් විශ්වවිද්‍යාලයේ නීති පීඨය, නව දකුණු වෙල්ස් විශ්වවිද්‍යාලයේ නීති පීඨය,‍බොන්ඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨය,‍ තොලේඩො විශ්වවිද්‍යාලයේ නීති පීඨය යන විදේශ රටවල ප්‍රකට විශ්වවිද්‍යාලවල නීති පීඨ සමග සමීප සබන්ධතා පවත්වනඅතරඒවායින් මෙම පීඨයේ ගුරු සිසු දෙපිරිසට ම බොහෝවිපුලඵල දලැබෙන්නේය.   

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC