Beijing Foreign Studies University

අරාබි භාෂා පීඨය

发布时间:2019-05-10

බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අරාබි භාෂා අධ්‍යයනය වසර 1958 ආරම්භ විය. වසර 1981දී අරාබි භාෂා පීඨයේ ස්ථාපිත කෙරිණ. එම වසරේ මෙමපීඨයට අරාබි භාෂා අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය පිරිනැමීමේ බලය හිමි විය. වසර 1986දී එම විෂයට සම්බන්ධ ආචාර්ය උපාධියක් පිරිනැමීමට අවසර ලැබිණ. වසර 2002 මෙම පීඨයේ අරාබි භාෂා අධ්‍යයන විෂය ධාරාව බෙයිජිං නගරයේ ප්‍රධාන විෂය ධාරාව ලෙස නම් කෙරිණ. එය චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ ලක්ෂිත අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස නම් කරනු ලැබුවේ වසර 2007දීය.

පසුගිය අඩ සියවසේ සංවර්ධනය මගින් අරාබි භාෂා පීඨයට ශක්තිමත් ගුරු සම්පතක්, පූර්ණ අධ්‍යයන විෂය ධාරා, පොහොසත් පර්යේෂණ ප්‍රතිඵල සහිතව රටේ ප්‍රමුඛ ස්ථානයේ පසු වී තිබේ. මෙහිදී නා චොං සහ යූ චාංරොං යන බහුශෘත මහචාර්වරුන්ගේ කැපවීම අමරණීයය. දැනට මෙම පීඨයේ ගුරුවරුන් 17 දෙනෙක් අතර මහචාර්යවරුන් 4 දෙනෙක් සහ උප මහචාර්යවරුන් 4 දෙනෙක් සිටිති. ආචාර්ය උපාධි ලාභින් 8 දෙනෙකි. ආරාබි ලෝකයේ සුප්‍රකට විශේෂඥ ෆිලස් සලිහ මහතා ඔහුගේ උසට සරිලන ග්‍රන්ථ ප්‍රමාණයක් රචනා කර ඇත. එතුමා දැනට මෙම පීඨයේ විශේෂඥවරයෙකු ලෙස කටයුතු කරයි.

අරාබි භාෂා අධ්‍යයන අධ්‍යනාංශයෙන් සරසවි උපාධි ලාභින් සහ පශ්චාත් උපාධි ලාභින් දෙදහසක් බිහි කර ඇත. ඔවුන් තමන්ගේ පෘථුල භාෂා හැකියාව සහ පුළුල් දැනුම් සම්භාරය මගින් චීනයේ විවිධ විදේශ කටයුතුවලට අදාළ ක්ෂේත්‍රවල නියුක්තව සිටිති. එම පීඨයට මනා කීර්තියක් දිනා දීමට ඔවුන්ට හැකි වී තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ අරාබි භාෂාවට සම්බන්ධ රැකියාවල නිරත වන සේවක සේවිකාවන් සහ නිළධාරින්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් මෙම පීඨයේ සිසු සිසුවියෝ වෙති. ඒ අතර චීනයේ වත්මන් උප විදේශ ඇමති චාං මිං මහතා ද, විදේශවල චීන තානාපතිවරුන් 30කට වැඩි දෙනෙක් සහ දහයකට වැඩි කොන්සල්වරුන් පිරිසක් ද ඉදිරියෙන් සිටිති. දැනට පීඨයේ සරසවි සිසු සිසුවියන්ගේ සංඛ්‍යාව 190කි. පශ්චාත් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 44 දෙනෙකි. ආචාර්ය උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් 10 දෙනෙකි.

අරාබි භාෂාව, සාහිත්‍යය සහ සංස්කෘතිය ‍අරාබි භාෂා පීඨයේ සම්ප්‍රදායික විෂය ධාරා ය. ශාස්ත්‍රීය අධ්‍යයනය රටේ අවශ්‍යතාවට ගැලපෙන ලෙස සංවර්ධනය කිරීම උදෙසා නව මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කෙරිණ. අරාබි ඉල්ලාමීය සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය, චීන අරාබි සංනිවේදන සහ අදහස් හුවමාරු මධ්‍යස්ථානය, මැදපෙරදිග කලාප‍ය පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය ඒ අතරය.

අරාබි භාෂා පීඨය, ලෙබනන විශ්ව විද්‍යාලය, ඊජිප්තුවේ අයින් ශාම්ස් විශ්ව විද්‍යාලය (Ain Shams University), සූවස් ඇල විශ්ව විද්‍යාලය (Suze Canal University), මොරොක්කෝවේ පස් වන හස්සන් රජුගේ විශ්ව විද්‍යාලය, අල්ජිරියාවේ දෙවන විශ්ව විද්‍යාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය විශ්ව විද්‍යාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය සායිඩ් විශ්ව විද්‍යාලය (Zayed University) ඇතුළු අරාබි ලෝකයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාල රැසක් සමග සහයෝගිතා සම්බන්ධතා ගොඩ නගා තිබේ. එම විශ්ව විද්‍යාල ඇතුලත්ව ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය යනාදි රටවල විශ්ව විද්‍යාලවල අධ්‍යයනයට වාර්ෂිකව ගුරුවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යවා ඇත.

අද බෙයිජිං විදේශ භාෂා විශ්ව විද්‍යාලයේ අරාබි භාෂා පීඨය චීනයේ අරාබි භාෂා ප්‍රවීණයන් බිහි කිරීමේ තොටිල්ල ලෙස විරුදාවලි ලබා තිබේ. එය අරාබි ලෝකය වෙත චීනය පිළිබඳව ප්‍රචාරය කිරීමේ වේදිකාවක් සහ චීන අරාබි ජනතාව අතර මිත්‍රත්ව පාලමක් ලෙස හැඳින් වෙයි.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC