Beijing Foreign Studies University

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් සම-සංවිධානය කරන ලද 2023 චීනයේ ටිබෙට් සංවර්ධන සංසදයට කුලපති Yang Dan මහතා සහ විදෙස් විද්වතුන් රැසක් සහභාගී වේ

发布时间:2023-06-23

මැයි මස 23 වන දින "2023 චීනයේ ටිබෙට් සංවර්ධන සංසදය" බෙයිජිං සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම සංසදයේ තේමාව වූයේ "නව යුගයක්, නව ටිබෙටයක්, නව ගමනක්-ටිබෙටයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ මානව හිමිකම් සුරැකීමේ නව පරිච්ඡේදයක්" යන්නයි. මෙම සංසදය සඳහා චීනයේ රාජ්‍ය කවුන්සිලයේ තොරතුරු කාර්යාලය සහ චීනයේ ටිබෙට් ස්වතන්ත්‍ර කලාපයේ රජය විසින් අනුග්‍රහකත්වය ලබා දුන් අතර බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් සම-සංවිධානය සිදු කරන ලදී.

බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කුලපති  සහ විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලයේ උප සභාපති Yang Dan මහතා සහ බොහෝ විදේශීය ආචාර්යවරුන් මෙම සංසදයට සහභාගී වූහ. රටවල් සහ කලාප 36කින් චීනයේ ස්ථානගත වී සිටින විදේශ නියෝජිතයන්, චීනයේ විදේශ මාධ්‍ය ආයතනවල ප්‍රධානියන්, විශ්වවිද්‍යාල චින්තන මණ්ඩලයේ විදේශීය විශේෂඥයන්, චීනයේ ඉගෙනුම ලබන විදේශීය සිසුන්, චීනයේ වැඩ කටයුතු කරන විදේශීය කලාකරුවන්, විදේශීය සමාගම්වල සහ තෙවන පාර්ශවීය සංවිධානවල නියෝජිතයන් මෙන් ම චීනයේ ප්‍රසිද්ධ විශේෂඥයින්, විද්වතුන්, ටිබෙට් දිස්ත්‍රික් කාර්ය මණ්ඩලය සහ ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම සංසදයට සහභාගී වූහ.

සමුළුවේ ප්‍රධාන සංසදයේදී "උසස් සානු ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ පොදු සෞභාග්‍යය" යන මැයෙන් Yang Dan මහතා විසින් දේශනයක් ඉදිරිපත් කරන ලදී. ටිබෙටයේ සිය සේවා පළපුරුද්ද සහ ටිබෙටයේ සමාජ හා ආර්ථික සමීක්ෂණ ඒකාබද්ධ කරමින් ඔහු උසස් සානු ආර්ථිකය අතින් ටිබෙටයේ ඉහළ ජයග්‍රහණ හඳුන්වා දුන්නේ . එමෙන් ඔහු උසස් සානු ප්‍රදේශයේ ආර්ථික තත්ත්වය සහ එහි විශේෂ භූගෝලීය පරිසරය මත පදනම් කරගෙන ටිබෙටයේ පොදු සමෘද්ධිය සඳහා විද්‍යාත්මක උපදෙස් සැපයීම සඳහා "උසස් සානු ආර්ථික සංවර්ධන න්‍යාය" යෝජනා කළේ .

මෙවර සංසදයේදී උප සංසද පහක් පිහිටවූ අතර "ටිබෙටයේ උසස් තත්ත්වයේ සංවර්ධනය සහ පොදු සෞභාග්‍යය" යන මැයෙන් උප සංසදය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයෙහි කලාපීය සහ ගෝලීය පාලනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලදී.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC