Beijing Foreign Studies University

BFSU කුලපති Yang Dan මහතා විසින් නායකත්වයෙන් සංස්කරණය කරන ලද “චීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂය” නිකුත් කෙරේ

发布时间:2023-05-04

අප්‍රේල් මස 9දින, ටිබෙටයේ සමාජ විද්‍යා පර්යේෂණ සඳහා ප්‍රධාන සහ මූලික ව්‍යාපෘතිය වූචීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂය බෙයිජිං හි චීන ටිබෙටොලොජි පර්යේෂණ මධ්‍යස්ථානයේදී නිකුත් කරන ලදී. මෙම මාධ්‍ය සාකච්ඡාව බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය සහ වාණිජ මුද්‍රණාලය විසින් පවත්වන ලදී.

චීන-ටිබෙට්-ඉංග්‍රීසි සමාජ විද්‍යා ශබ්දකෝෂයයනු චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන දෙපාර්තමේන්තුවේ අටවැනි කණ්ඩායමේ ටිබෙට් ආධාර කාඩරය, BFSU හි පාලන මණ්ඩලයේ උප සභාපති සහ විශ්ව විද්‍යාලයේ කුලපති වූ Yang Dan මහතාගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද සහ ටිබෙට් විශ්ව විද්‍යාලය, බෙයිජිං විශ්ව විද්‍යාලය, නිරිතදිග මූල්‍ය හා ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලය ආදි විශ්ව විද්‍යාලවල ප්‍රවීණයන් විසින් සම්පාදනය කරන ලද මහා පරිමාණ ශබ්ද කෝෂ ව්‍යාපෘතියකි. එය ටිබෙටයේ සමාජ විද්‍යා පර්යේෂණ සඳහා වන ප්‍රධාන සහ මූලික ව්‍යාපෘතියකි. මෙම ශබ්දකෝෂය ප්‍රථම වරට චීන, ටිබෙට් සහ ඉංග්‍රීසි ත්‍රෛභාෂා ආකාරයෙන් සම්පාදනය කරන ලද පුළුල් සමාජ විද්‍යා ශබ්දකෝෂයකි. මෙයින් වාග් විද්‍යාව, කලාව, පුරාවිද්‍යාව සහ වෙනත් විෂයයන් පිළිබඳ බොහෝ වචන සහ වාක්‍ය ඛණ්ඩ ප්‍රථම වරට ක්‍රමානුකූලව වර්ග කර ටිබෙට් භාෂාවට පරිවර්තනය කර ඇති. එබැවන් මේවාට පෙරළිකාර ශාස්ත්‍රීය වටිනාකමක් ඇත. ශබ්දකෝෂයේ වෙළුම් 21 ක් ඇති අතර වචන සහ වාක්‍ය ඛණ්ඩ 45,000 කට වඩා අඩංගු වේ.

ලිපිනය: නොම්බර2, ශී සන් හුවන් උතුරු මාවත, හයි දියෑන් දිස්ත්‍රික්කය, බෙයිජිං නගරය, චීනය, තැපැල් අංක 100089

ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගීතා පිලිබඳ වැඩබලන කාර්යාලය

කොන්ෆියුසියස් ආයතනයේ වැඩබලන කාර්යාලය

විදේශීය ශිෂ්‍ය කාර්යාලය

විශ්ව විද්‍යාලයීය වැඩබලන කාර්යාලය

Copyright@BFSU.Support by ITC